01

E   |     |  

 දිනය: 2013-04-23   පිළිතුර ලබා දී ඇත 

2981/2013: බුලත්සිංහල රෝහල : අඩුපාඩු

2981/’12

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       බුලත්සිංහල රෝහලේ ප්‍රමාණවත් තරම් හෙද හෙදියන්, සෞඛ්‍ය කළමනාකරණ සහකරුවන්, වෛද්‍ය රසායන ශිල්පීන්, විශේෂඥ වෛද්‍යවරුන්, සනීපාරක්ෂක කම්කරුවන්, ලිපිකරුවන් සහ ගිලන් රථ නොමැති බවත්;

(ii) එම අඩුපාඩු නිසා රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) බුලත්සිංහල රෝහල වෙත ප්‍රතිකාර සඳහා දිනකට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව කොපමණද;

(ii) එහි පවතින අඩුපාඩු පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

(iii) බුලත්සිංහල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය උසස් කිරීම උදෙසා එම රෝහලෙහි පවතින සියලු අඩුපාඩු සකස් කරදීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-04-23

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා

(மாண்புமிகு மைத்திரிபால சிறிசேன)

(The Hon. Maithripala Sirisena)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි.

කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් එවන ලද වාර්තාවට අනුව,

(අ)         ( i)       දැනට වෛද්‍යවරුන්ගේ හිඟයක් නොමැති  අතර හෙද නිලධාරීන්ගේ,  රසායන  ශිල්පියෙකුගේ  සහ  සෞඛ්‍ය කළමනාකරණ සහකාරවරයෙකුගේ හිගයක් පවතී.

      (ii)   ‍ දැන‍ට සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන අතර ඒ සඳහා අවශ්‍ය අතිකාල සේවා, මුර සහන සේවා අනුමත කර ඇත.

(ආ) (i)  ප්‍රතිකාර සඳහා  දිනකට  පැමිණෙන රෝගීන් සංඛ්‍යාව:

                 අංශය

ප්‍රතිකාර ගන්නා ප්‍රමාණය

නේවාසික රෝගී  අංශය          

 16

බාහිර රෝගී අංශය             

 177

සායන රෝගී අංශය

                  188

(ii)   මෙම රෝහලේ භෞතික සම්පත් හිඟයක් නොමැති අතර,  මානව සම්පත් හිඟයක් පවතී.

             තනතුර                                      

 අවශ්‍ය ප්‍රමාණය

හෙද නිලධාරි

                    04

සෞඛ්‍ය කළමනාකරණ සහකාර

                    01

වෛද්‍ය රසායනාගාර  ශිල්පී

                     01

 

             (iii)      ඔව්.

(ඇ)     පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2013-04-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks