පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2979/’12
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරු 2000ක පමණ පිරිසකට රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබා නොදීමටත්;
(ii) ප්‍රාචීන භාෂෝපකාර විභාගය සමත් ඩිප්ලෝමාධාරීන් සඳහා වැඩසටහන් නිලධාරී තනතුරු ලබා නොදීමටත්;
රජය තීරණය කර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ වන විට උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව සහ ප්‍රාචීන භාෂෝපකාර විභාගය අවසන් කර රැකියා අපේක්ෂාවෙන් සිටින සංඛ්‍යාව කොපමණද;
(ii) උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ට රජයේ ස්ථිර පත්වීම් ලබා නොදීමට තීරණය කිරීමට හේතු කවරේද;
(iii) උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ට රජයේ පත්වීම් සහ ප්‍රාචීන භාෂෝපාකාර සමත්වූවන්ට වැඩසටහන් නිලධාරී තනතුරු ලබා දීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-22
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු විජය දහනායක මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு விஜய தஹநாயக்க- பொது நிருவாக, உள்நாட்டலுவல்கள் பிரதி அமைச்சர்)
(The Hon. Wijaya Dahanayake - Deputy Minister of Public Administration and Home Affairs)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) එවැනි ඉල්ලීම් ලැබී නොමැත.
(ii) නැත.
මෙවැනි ඉල්ලීම් රජයට ලැබී නැත. එම නිසා ඒ ගැන රජය තීරණයක් ගෙන නොමැත. ප්‍රාචීන භාෂෝපකාර විභාගය සමත් ඩිප්ලෝමාධාරින් සඳහා වැඩසටහන් නිලධාරි සේවා ව්‍යවස්ථාව යටතේ සලකා නොලැබෙන්නේ එහි දක්වා ඇති සුදුකම්වලට අනුකූල නොවන බැවිනි.
(ආ) (i) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට එවැනි ඉල්ලීම් ලැබී නැත. එලෙසම එවැනි තොරතුරු පද්ධතියක් මෙම අමාත්‍යාංශය මඟින් නඩත්තු නොකෙරේ.
(ii) එවැනි තීරණයක් ගෙන නොමැත. එම නිසා අදාළ නොවේ.
(iii) නැත.
වැඩසටහන් නිලධාරි සේවා ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබා දීමේදී අධ්‍යාපන සුදුසුකම් වනුයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් උපාධියක් පමණක් වන අතර වෙනත් අධ්‍යාපන සුදුසුකම් සහිත අයදුම්කරුවන්ට මෙම සේවා ව්‍යවස්ථාව යටතේ අවස්ථාව සලසා නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-03-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු විජය දහනායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks