01

E   |     |  

 දිනය: 2012-11-16   පිළිතුර ලබා දී ඇත 

2949/2012: උතුරු පළාතෙහි මානසික බලපෑම්වලට ලක් වූ පුද්ගලයන් : පුනරුත්ථාපනය

2949/’12

 

ගරු ඒ. විනායගමූර්ති මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      උතුරු පළාතෙහි රෝහල්වල ප්‍රතිකාර ලබාගන්නා මානසික බලපෑම්වලට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

            (ii)      එකී මානසික බලපෑම්වලට ලක්වූ පුද්ගලයන් ආබාධිත පුද්ගලයන් ලෙස සැලකිය හැකිද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) උතුරු පළාතේ ඉහත කී මානසික බලපෑම්වලට ලක්වූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමට යම් වැඩසටහන් තිබේදැයි එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-16

අසන ලද්දේ

ගරු ගරු ඒ. විනායගමූර්ති මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලලිත් දිසානායක මහතා

(மாண்புமிகு லலித் திசாநாயக்க)

(The Hon. Lalith Dissanayake ) 

ගරු කථානායකතුමනි, සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)      රෝහල්ගත වී ප්‍රතිකාර ලැබූ මානසික බලපෑම්වලට ලක් වූ රෝගීන් සංඛ්‍යාව - 2011

දිස්ත්‍රික්කය

රෝගීන් සංඛ්‍යාව

යාපනය - ශික්ෂණ රෝහල  

පළාත් රෝහල

නැත 1271

මන්නාරම

  407

වවුනියාව

  878

කිලිනොච්චිය

  නැත

මුලතිව්

  නැත

සම්පූර්ණ සංඛ්‍යාව

2556

සායනවලින් ප්‍රතිකාර ලැබූ මානසික බලපෑම්වලට ලක්වූ ‍රෝගීන් සංඛ්‍යාව - 2011

දිස්ත්‍රික්කය                                          

 ප්‍රතිකාර ලද රෝගීන් සංඛ්‍යාව

යාපනය - ශික්ෂණ රෝහල                පළාත් රෝහල

25976 18561

මන්නාරම

  4981

වවුනියාව

  9355

කිලිනොච්චිය

  2514

මුලතිව්

  1287

සම්පූර්ණ සංඛ්‍යාව

62,674

(ii)  මානසික බලපෑම්වලට ලක් වූ පුද්ගලයින් ආබාධිත පුද්ගලයින් ලෙස සැලකිය නොහැක.

(ආ)     ඔව්.

           මානසික රෝගී පුනරුත්ථාපන මධ්‍යස්ථාන සහ ප්‍රජා සත්කාරක කමිටු මධ්‍යස්ථාන මඟින් එම පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු ඉටු කරනු ලබයි. මෙයට අමතරව රැක බලා ගන්නන්ගේ සමිති මඟින්ද ඔවුන්ගේ හා පවුල් සඳහා උපදේශන හා වෙනත් පසු ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක කරනු ලබයි.

(ඇ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2012-11-16

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks