පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2923/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්තමාන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා එම අමාත්‍යාංශය භාර ගන්නා අවස්ථාව වනවිට ධීවර සංස්ථාව ලාභ ලැබුවේද; නැතහොත්, පාඩු ලැබුවේද;
(ii) එම අවස්ථාවේදී ලැබූ ලාභය හෝ පාඩුව කොපමණද;
(iii) 2012.12.31 දිනට ධීවර සංස්ථාව ලැබූ ලාභය හෝ පාඩුව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට ධීවර සංස්ථාවේ සේවය කරන තාවකාලික, අනියම් සහ ස්ථිර සේවකයින් හා නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2009 වර්ෂයේ සිට මේ දක්වා විවෘත කරන ලද නව ධීවර වෙළඳසැල් සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම වෙළඳසැල් සඳහා පසුගිය වර්ෂ 3ක කාල සීමාව තුළ ගෙවන ලද මුළු කුලී මුදල කොපමණද;
(iv) එම ධීවර වෙළඳසැල්වල සේවය කරනු ලබන සේවකයින් සංඛ්‍යාව කොපමණද;
(v) මේ වනවිට ධීවර සංස්ථාව සතුව පවතින වත්කම් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-26
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අලාභ (පාඩු) ලබන තත්ත්වයේ පැවතුණි.
(ii) අලාභය (පාඩුව) රුපියල් 103,889,475 (රුපියල් මිලියන 103)
(iii) 2012.12.31 දිනෙන් අවසන් වර්ෂයේ වාර්තා වී ඇති අලාභය රුපියල් 41,763,563 (රුපියල් මිලියන 41) අපි රුපියල් මිලියන 62කින් පාඩුව අඩු කර ගෙන තිබෙනවා.
(ආ) (i)
ස්ථිර විධායක පුහුණු කොන්ත්‍රාත් අනියම්
විධායක
නිලධාරින් 71 01 07 -
අනෙකුත්
කාර්යමණ්ඩලය 536 - 674 01
මුළු කාර්ය
මණ්ඩලය 607 01 681 01 = 1290
(ii) ස්ථාපිත කරන ලද නව අළෙවි සල් සංඛ්‍යාව:
2009 - -
2010 - 22
2011 - 32
2012 - 17
2013 - 03
එකතුව - 74
(iii) පසු ගිය වර්ෂ 03හි ගෙවා ඇති කුලී මුදල:
2010 - 1,076,050.00
2011 - 7,315,449.60
2012 - 12,032,914.60
(iv) එම අළෙවි සල් වෙත ස්ථිර හා කොන්ත්‍රාත් පදනමට අයත් සේවකයින් සංඛ්‍යාව 162ක් අනුයුක්ත කොට ඇත.
(v) ලංකා ධීවර සංස්ථාව සතුව පවත්නා වත්කම් පහත ලැයිස්තුවේ දැක්වෙන අතර, එහි අගය 2012.12.31 දිනට රුපියල් 497,258,613.57
වත්කම්
ඉඩම්
බද්දට ගත් ගොඩනැඟිලි
ගොඩනැඟිලි සහ වෙනත්
බෝට්ටු
මෝටර් රථ
ගෘහ භාණ්ඩ
කාර්යාලීය උපකරණ
අධි ශීතකරණ
අනෙකුත් උපකරණ
වෙනත් ස්ථාවර වත්කම්
පරිගණක
පාපැදි
ශීතාගාර හා කල්බදු දුන් ශීතාගාර
අයිස් යන්ත්‍රාගාර
තරාදි
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-09-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks