බලන්න

04

E   |     |  

 දිනය: 2013-02-22   පිළිතුර ලබා දී ඇත 

2900/2013: ඉරාන ඛනිජ තෙල් සම්බාධක : ආදේශනය

2900/’12

 

ගරු රවී කරුණානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඉරාන ඛනිජ තෙල් සම්බාධක පනවන ලද දිනය කවරේද;

            (ii)       එම සම්බාධකයෙන් ශ්‍රී ලංකාවද බැඳී සිටින්නේද;

           (iii)       ඉරාන ඛනිජ තෙල් වාර්ෂික පරිභෝජනය සහ මේ ‍වර්ෂයේදී සම්බාධකය පැනවීම තෙක් වාර්ෂික පදනමින් පසුගිය වර්ෂ තුනක කාලය තුළ ආනයනය කරන ලද ඉරාන බොර තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන්වලින් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  (i)  ඉරාන ඛනිජ තෙල් ආනයන ආදේශකයක් ශ්‍රී ලංකාව විසින් යොදාගන්නේ කෙසේද;

  (ii)  ඉහත කී සම්බාධකය පැනවූ දින පටන් ආදේශනය සඳහා ඛනිජ තෙල් ආනයනය සිදු කරන ලද්දේ කුමන රටකින්ද;

  (iii)  යූරෝපීය රටවල් ඉරානයට වෙළඳ සම්බාධක පැනවීමෙන් පසුව ඉරානයෙන් සිදුකළ සීමිත ‍ඛනිජ ‍තෙල් ආනයන සඳහා ගෙවීමට සිදුවූ වැඩිකළ වාරිකයේ අමතර වියදම කොපමණද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-02-22

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු සරණ ගුණවර්ධන මහතා

(மாண்புமிகு சரண குணவர்தன )

(The Hon. Sarana Gunawardena)

ගරු කථානායකතුමනි, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ) (i) 2012 ජූලි 21

     (ii) ඔව්.

    (iii) ඉරාන බොර තෙල් පරිභෝජනය

පසු ගිය වසර 03ක සාමාන්‍ය (2010-2012) - මෙට්‍රික් ටොන් 1,393,140

ඉරාන බොර තෙල් ආනයනය

වර්ෂය

ප්‍රමාණය මෙට්‍රික් ටොන්වලින්

2010 වර්ෂය

1,550,146

2011 වර්ෂය

1,931,861

2012 වර්ෂය

   697,413

 

(ආ) (i) ඉරාන බොර තෙල්වල පිරිවිතරයන්ට ගැළපෙන පිරිවිතර ඇති ඕමානයද ඇතුළත් රටවල් කිහිපයකින් ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා  බොර තෙල් මිලදී ගනු ලැ‍බේ.

       (ii)     ඕමානයද ඇතුළත් රටවල් කිහිපයකිනි.

      (iii) පැන නොනඟී.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-02-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු සරණ ගුණවර්ධන මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks