බලන්න

E   |   த   |  

 දිනය: 2026-11-05   පිළිතුර ලබා දී ඇත 

2506/2026: Need of a Economic Center for Puttalam District

ගරු නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       පුත්තලම දිස්ත්‍රික්කයේ අස්වනු කළමනාකරණය සඳහා නිසි ආර්ථික මධ්‍යස්ථානයක් නොමැති වීම හේතුවෙන් ගොවීන් සහ ධීවරයන්ට සිදුවන ආර්ථික පාඩුව පිළිබඳ අමාත්‍යාංශය සතුව දත්ත වාර්තා පවතින්නේද;

(ii) බහුල වශයෙන් අස්වනු ලැබෙන කාලවලදී මෙම ප්‍රදේශවල ගබඩා පහසුකම් නොමැතිකම හේතුවෙන් ආහාර නාස්තිය සිදුවන බවත්, එය ජාතික ආහාර සුරක්ෂිතතාවයට සෘජුවම බලපාන බවත් පිළිගන්නේද;

(iii) පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් නවීන පහසුකම් සහිත ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා රජය ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එවැනි ආර්ථික මධ්‍යස්ථානයක් මඟින් අස්වනු නාස්තිය අවම කිරීමට සහ අතිරික්ත අස්වනු අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කිරීමට ඇති සැලසුම් කවරේද;

(ii) එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපේක්ෂිත දිනය සහ ඒ සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-11-05

අසන ලද්දේ

ගරු නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks