පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2884/’12
ගරු වසන්ත අලුවිහාරේ මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සමූපකාර සමිතිවල මුල්‍ය හා පරිපාලන බලතල නිලවරණයෙන් පත්වන සභාපති සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත හිමිවීමෙන් එම සමිතිවල පරිපාලන හා මූල්‍ය කටයුතුවලදී දූෂණ හා අක්‍රමිකතා සිදුවන බවත්;
(ii) එම තත්ත්වය යටතේ මාතලේ, රත්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ මුල්‍ය පරිපාලනයේදී සිදුවී ඇති තදබල වංචා හා දූෂණ හේතුවෙන් එම සමිතිය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවත්;
(iii) මුල්‍ය අර්බුදය හේතුවෙන්, එම සමුපකාර සමිතියට තම ප්‍රාදේශික සහ “කෝප්සිටි” පවත්වාගෙන යෑමට නොහැකිවීමෙන් එම සමිතියේ පාරිභෝගිකයින් දැඩි පීඩාවට පත්ව ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) රත්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ,
(i) ප්‍රාදේශික සහ “කෝප්සිටි” සංඛ්‍යාව, දැනට ක්‍රියාකාරී තත්ත්වයේ ඇති ප්‍රාදේශික සහ “කෝප්සිටි” සංඛ්‍යාව සහ සේවක සංඛ්‍යාව;
(ii) නිලවරණයට ප්‍රාදේශිකවලින් සහභාගි විය යුතු මහා සභා නියෝජිතයන් සංඛ්‍යාව සහ 2010.03.20 දින පැවැත්වූ නිලවරණයට සහභාගී වූ එකී නියෝජිතයන් සංඛ්‍යාව;
කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) සමූපකාර සමිතිවල සිදුවන පරිපාලන දුර්වලතා, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට ගන්නා ක්‍රියා මාර්ග කවරේද;
(ii) රත්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ සිදු වී ඇති දූෂිත ගනුදෙනු සම්බන්ධව විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන්නේද;
(iii) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-22
අසන ලද්දේ
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා (සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා)
(மாண்புமிகு ஜோன்ஸ்டன் பர்னாந்து - கூட்டுறவு, உள்நாட்டு வர்த்தக அமைச்சர்)
(The Hon. Johnston Fernando - Minister of Co-operatives and Internal Trade)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) දැනට පවත්නා සමුපකාර නීතිය අනුව සමුපකාර සමිතිවල නිලවරණයෙන් පත් වන සභාපති ඇතුව අධ්‍යක්ෂ මණ්ඩලය පරිපාලන හා මූල්‍ය කටයුතුවලින් ඉවත් කිරීමේ බලයක් නොමැත.
(ii) ඇමුණුමෙහි දක්වා ඇත.
(iii) 2000 වසරේ සිට මෙම සමුපකාර සමිතියෙන් සමෘද්ධි මුද්දර ඉවත් වූ බැවින් එතෙක් ක්‍රියාත්මක වූ ප්‍රාදේශික 26 ක්‍රමයෙන් වසා ඇත. 2007න් පසුව ආරම්භ කළ "කෝප් සිටිය" හා "මිනි කෝප්සිටි" 03 ඇතුළු වෙළෙඳ සැල් 04 දැනට අක්‍රියව පවතී.
(ආ) (i) ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(ii) සහභාගි විය යුතු මහ සභා නියෝජිතයින් සංඛ්‍යාව 126කි. සහභාගි වූ සාමාජිකයින් සංඛ්‍යාව 106කි.
(ඇ) (i) සමුපකාර සමිති ප්‍රඥප්තියේ 44 වගන්තිය අනුව 2010.09.30 දක්වා ව්‍යවස්ථාපිත විගණනය සිදු කර ඇති අතර, හඳුනාගත් කළමනාකරණ දුර්වලතා පිළිබඳව සමිතිය දැනුවත් කර ඒවා නිවැරදි කර ගැනීමට උපදෙස් ලබා දී ඇති බව මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් දන්වා ඇත.
(ii) මූලික පරීක්ෂණයක් සිදු කර මධ්‍යම පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තියේ 46(1) වගන්තියේ විවිවිධාන අනුව විමර්ශනයක් සිදු කිරීම සඳහා සැලසුම් කර ඇති බව මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් දන්වා ඇත.
(iii) මූලික පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ අනුව 2013.01.31 දිනට පෙර එකී පරීක්ෂණය ආරම්භ කරනු ලැබේ.
(ඈ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
(අ ) (ii) මධ්‍යම පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තියේ 60(ඇ) වගන්තියේ විධිවිධාන අනුව සී/ස රත්තොට විවිධ සේවා සමුපකාර සමිතියේ රාජ්‍ය අරමුදල් හා මූල්‍ය පරිපාලනය කාර්යක්ෂමව කළමනාකරණය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට සභාපති සහ සාමාජිකයන් දෙදෙනෙක් 2010.05.17 දින මධ්‍යම පළාත් කොමසාරිස්වරයා විසින් පත් කරන ලදී. අධිකරණයේ රිට් 12/2010 යටතේ පත් කරන ලද සභාපතිවරයා සහ සාමාජිකයින් ඉවත් කිරීමට තහනම් නියෝගයක් ලබා ගෙන ඉවත් කර එම සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය නැවත පත්වී ඇති නිසා දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇත.
(ආ) (i) ප්‍රාදේශික 26 - දැනට ක්‍රියාත්මක නොවේ.
කෝප්සිටි 01 - දැනට ක්‍රියාත්මක නොවේ.
රත්තොට
මිනි කෝප්සිටි 03 - දැනට ක්‍රියාත්මක නොවේ.
පල්ලේවේරගම
අඹගස්තැන්න
බණ්ඩාරපොළ
සේවක සංඛ්‍යාව
2000 වසරේ පිරිස්බල තක්සේරුව අනුව සේවකයින් 80ක් සිටි අතර 2012 සංශෝධිත පිරිස්බල තක්සේරුව අනුව සේවකයින් 26 දෙනෙකු අනුමත කර ඇත. මේ වන විට සේවක සංඛ්‍යාව 11ක් වන අතර ඉන් 03දෙනෙකු ප්‍රධාන කාර්යාලයේ හා ඉතිරි 08 දෙනා ග්‍රාමීය බැංකුවලට අනුයුක්තව සේවය කරනු ලැබේ.
පිළිතුරු දුන් දිනය
2013-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks