පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්, දඬුවම් ලබන රැඳවියන් සහ මරණ දණ්ඩනය නියමවූ රැඳවියන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) රැඳවියන්ගේ ආහාරපාන සහ අනෙකුත් පහසුකම් සඳහා දිනකට වැය කරන මුදල කොපමණද;
(iii) සුළු වැරදි සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයන් සඳහා ඇප කොන්දේසි ලිහිල් කිරීම හෝ විකල්ප දඬුවම් ක්‍රම හඳුන්වා දීමට සැලසුම් කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(ii) බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව, සේවා පහසුකම් සහ වෘත්තීය ගැටලු විසඳීමට ගෙන ඇති පියවර කවරේද;
(iii) රැඳවියන්ගේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව සහ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමට වර්තමාන රජය ගෙන ඇති පියවර කවරේද;
(iv) රැඳවියන් පුනරුත්ථාපනය කිරීම සහ සමාජගත කිරීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන්වල ප්‍රගතිය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-11-05
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks