පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2876/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු භටයින්හට ලබාදෙන වැටුප් සහ දීමනා කවරේද;
(ii) ඔවුන්ගේ වැටුපෙන් මාසිකව සිදුකරන අයකිරීම් කවරේද;
(iii) එම අයකිරීම් අරමුදලක් වෙත බැර කරන්නේද;
(iv) එසේ නම්, එකී අරමුදල ගිණුම්ගත කර ඇති ආයතනය කවරේද;
(v) එවැනි අයකිරීම් සිදුකිරීමට හේතු කවරේද;
(vi) ආපසු ඔවුන් වෙත ලබාදෙන අයකිරීම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සිවිල් ආරක්ෂක භටයින්ගේ වැටුප් නියමිත දිනයේ දී ගෙවා තිබේද;
(ii) එසේ නොමැති නම්, ඔවුන්ට ගෙවීමට ඇති හිඟ මුදල කොපමණද;
(iii) එම හිඟ වැටුප් ගෙවනු ලබන දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) සිවිල් ආරක්ෂක භටයින් යොදා ගනිමින් වර්තමානයේ සිදුකරන ක්‍රියාකාරකම් කවරේද;
(ii) වගා කටයුතු සහ අනෙකුත් කර්මාන්ත සඳහා ඔවුන් යොදාගෙන තිබේද;
(iii) ඒ සඳහා ඔවුන්ට ලබාදෙන පහසුකම් කවරේද;
(iv) එම ක්‍රියාකාරකම් තුළින් වාර්ෂිකව ඔවුන් උපයාදෙන මුදල කොපමණද;
(v) එම මුදල් යොදා ගන්නා කටයුතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-23
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සිවිල් ආරක්ෂක බල කායේ සාමාජිකයන්හට සේවයට පැමිණීම මත රජයේ අනුමත දෛනික දීමනාව, ජීවන වියදම් දීමනාව සහ විශේෂ දීමනාව ගෙවනු ලබයි.
(ii) 1. රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල
2. යහසාධක අරමුදල
3. සුවසවිය අරමුදල
4. භටයන්ගේ ඉල්ලීම මත සිදු කරනු ලබන්නා වූ බැංකු ණය, නිවාස ණය, ජීවිත රක්ෂණ ආදී විවිධ කේවල අවකරණයන්
(iii) ඔව්.
(iv) ඉහත (ii)හි සඳහන් අවකරණයන් ප්‍රේෂණය කළ යුතු ආයතන සහ අරමුදල් බැංකු ගිණුම් වෙත
(v) 1. රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල - අනිවාර්යය අය කිරීමකි.
2. යහසාධක / සුවසවිය අරමුදල් - අනෙකුත් සන්නද්ධ හමුදා, පොලිස් සහ සිවිල් රාජ්‍ය නිලධාරින්ට මෙන් මේ වන තුරු විශ්‍රාම වැටුප් හිමිකම, ශුභ සාධන හා රක්ෂණ ක්‍රම නොමැති හෙයින්, එම භටයන්ගේ ශුභ සාධනය, අභිවෘද්ධිය හා ආරක්ෂණය තහවුරු කිරීම සඳහා.
(vi) ඉහත (ii)හි සඳහන් අවකරණයන් ත්‍රිත්වය (රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල, යහසාධක අරමුදල, සුවසවිය අරමුදල) නියමිත අවස්ථාවන්හිදී පොලිය හා ව්‍යවස්ථාගත ප්‍රතිලාභයන් සමඟින් නැවත ලබා දෙනු ලබයි.
(ආ) (i) ඔව්.
(ii) හිඟ වැටුප් ගෙවීමට නැත.
(iii) අදාළ නැත.
(ඇ) (i) රටේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට උරදෙමින් ජාතික සංවර්ධනය වේගවත් කිරීම සඳහා විවිධ ව්‍යාපෘති සිදු කිරීම;
අතිගරු ජනාධිපතිතුමන් හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් පැවරෙන විශේෂ ව්‍යාපෘති සිදු කිරීම;
කොළඹ/ගම්පහ වැනි රජයේ නගර සංවර්ධන ව්‍යාපෘතිවලට දායක වීම;
පූජා භූමි ප්‍රතිසංස්කරණය/සංවර්ධනය/නඩත්තුව හා ආරක්ෂාව;
රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධිත ආයතන වෙත ආරක්ෂාව සැපයීම;
අලිවැට ඉදිකිරීම හා නඩත්තුව;
වනාන්තර හා වනජීවි ආරක්ෂාව;
පුද්ගලික ආරක්ෂක භටයන් පුහුණු කිරීම;
රජයේ විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සමග ඒකාබද්ධව විවිධ සේවා සැපයීම;
ඩෙංගු මර්දන/ආපදා කළමනාකරණ වැනි කාලීන හා හදිසි රාජකාරීන් ඉටු කිරීම;
ශ්‍රී ලංකා පොලීසිය හා ඒකාබද්ධව සිවිල් ආරක්ෂක රාජකාරීන් ඉටු කිරීම;
පෙර පාසල් හා ස්වේච්ඡා පාසල් ගුරුවරු ලබා දෙමින් ප්‍රාදේශීය අධ්‍යාපනය නඟා සිටුවීමට මහඟු පිටිවහලක් ලබා දීම;
විවිධ සමාජ සත්කාරමය ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම.
(ii) ඔව්.
(iii) අනුමත වැටුප්, දීමනා සහ අවශ්‍ය සියලුම උපකරණ.
(iv) ආසන්න වශයෙන් රුපියල් මිලියන 1322 කි.
(v) භාණ්ඩාගාර තැන්පත් ගිණුමට බැරකොට, අදාළ අනුමැතීන් මත ව්‍යාපෘති පවත්වාගෙන යාමට සහ සංවර්ධනයටත් ඒ සඳහා දෙපාර්තමේන්තු වැය පියවා ගැනීමටත් වන ප්‍රතිපාදන අවශ්‍යතා සපුරා ගැනීමට.
(ඇ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2013-09-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks