පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2875/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2005 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ ආහාර සඳහා මස් වර්ග ලබා දුන් සැපයුම්කරුවන්ගේ නම් කවරේද;
(ii) යුද හමුදාව සඳහා මස් සැපයුම්කරුවන් තෝරා ගන්නා ආකාරය කවරේද;
(iii) එම කාලය තුළ එක් එක් මස් වර්ගය සඳහා වාර්ෂිකව ගෙවන ලද මුළු මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඒ සඳහා තවදුරටත් ගෙවීමට ඇති මුදල කොපමණද;
(v) ඉහත සඳහන් මස් වර්ගවල එක් කිලෝවක් සඳහා වාර්ෂිකව ගෙවන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) එම එක් එක් මස් වර්ගයේ වාර්ෂික අවශ්‍යතාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-23
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සී/ස වික්‍රමරත්නස් (පුද්) සමාගම
කරුණාරත්න ට්‍රේඩර්ස් (පුද්) සමාගම
එස්.එම්.ඒ. අසීස් සහ සහෝදරයෝ (පුද්) සමාගම
ඒ.එස්.ආර්. (පුද්) සමාගම
එච්.ටී. ජිනදාස (පුද්) සමාගම
සී/ස ෆීලික්ස් පෙරේරා (පුද්) සමාගම
මදාර් කන්ස්ට්‍රක්ෂන්ස්
අසීස් පුත්‍රයෝ (පුද්) සමාගම
රොහාන් රොඩ්රිගෝ (පුද්) සමාගම
රොඩේෂා එන්ටර්ප්‍රයිසස්
චන්ද්‍රපාල කන්ස්ට්‍රක්ෂන්
එස්.එස්.ඥාණම් සහ සමාගම
සී. ලොබ්ස්ටර් එන්ටර්ප්‍රයිසස්
සුනිල් ට්‍රේඩර්ස්
එච්.ජී.පී.එම්. (පුද්) සමාගම
(ii) යුද හමුදාව වෙතට සියලු මස් වර්ග සැපයීම රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව සිදු කරනු ලබයි.
(iii) ඇමුණුම I හි දක්වා ඇත.
(iv) ආසන්න වශයෙන් රුපියල් මිලියන 60කි.
(v) ඇමුණුම IIහි දක්වා ඇත.
(vi) ඇමුණුම III හි දක්වා ඇත.
ඇමුණුම් සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන ලද ඇමුණුම්:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
පිළිතුරු දුන් දිනය
2013-09-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks