පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2871/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සවිකළ යන්ත්‍ර ආනයනය කළ රට කවරේද;
(ii) එම යන්ත්‍ර නිෂ්පාදනය කරන ලද සමාගම් කවරේද;
(iii) ඒවා නිෂ්පාදනය කර ඇති වර්ෂයන් කවරේද;
(iv) ඒ සඳහා ලබා දී ඇති වගකීමේ කාල සීමාව (Warranty Period) කවරේද;
(v) එම යන්ත්‍ර වෙනුවෙන් ලබා දී ඇති වගකීම් සහතික ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පසුගිය කාලයේදී නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රියවීමට හේතුව කවරේද;
(ii) එම බලාගාරයෙන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තුවන උපරිම විදුලිබල ප්‍රමාණය මෙගාවොට් කොපමණද;
(iii) එම උපරිම ශක්ති ප්‍රමාණය ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙන දිනය කවරේද;
යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-10
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මහජන චීන ජනරජය.
(ii) බොයිලේරුව, ටර්බයිනය, ජෙනරේටරය ආදී ප්‍රධාන යන්ත්‍ර චීනයේ හර්බින් සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කර ඇත.
(iii) 2009 වර්ෂය.
(iv) වසර දෙකක කාලයක් දෝෂ වෙනුවෙන් වග කීමද, අමතර වසර තුනක කාලයක් මල කෑමෙන් ආරක්ෂාව වෙනුවෙන් වග කීමද ලබා දී ඇත.
(v) ලංකා විදුලිබල මණ්ඩලය සහ චීනයේ ජාතික යන්ත්‍රෝපකරණ ආනයන අපනයන සමාගම අතර අත්සන් කර ඇති ගිවිසුමෙහි මෙම වගකීම පිළිබඳව කරුණු ඇතුළත් කර ඇත.
(ආ) (i) 1. ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍රයේ ඇති වන වාෂ්පීකරණ ද්‍රව්‍යයන් නිසා සිදු වන ක්ෂණික ගිනි ගැනීම.
2. සිසිලන පද්ධතියේ අපද්‍රව්‍ය පෙරනයේ දෝෂයක් නිසා සිදු වූ බිඳ වැටීම.
3. වායු පංකා (air draft fan), බෙයාරිංහි දෝෂයක් නිසා සිදු වූ බිඳ වැටීම.
4. බොයිලේරු බෙරයෙහි පාලක දෝෂයක් නිසා සිදු වූ බිඳ වැටීම.
5. ජල සිසිලන තාප හුවමාරු යන්ත්‍රයේ දෝෂයක් නිසා සිදු වූ බිඳ වැටීම.
6. වේයන්ගොඩ කොටුගොඩ සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් විදුලි මාර්ගය විසන්ධි වීම නිසා එක වර බැර අඩු වීම නිසා බලාගාරය හදිසි නැවැත්වීම හේතු කොට ඇති වූ බෙයාරිං දෝෂයක් නිසා සිදු වූ බිඳ වැටීම.
7. හුමාලය කාන්දු වීමක් නිසා සිදු වූ බිඳ වැටීම.
8. නොරොච්චෝලේ වේයන්ගොඩ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය හදිසියේ විසන්ධි වූ අවස්ථාවක යන්ත්‍ර නැවැත්වීම හා නැවත පණ ගැන්වීමට පෙර රැහැන් මාර්ගය පරීක්ෂා කිරීමෙන් අනතුරුව නැවත පණ ගැන්වීම.
9. පාලක විදුලි රිලේ උපකරණවල දෝෂ නිසා සිදු වූ බිඳ වැටීම.
(ii) දැනට ක්‍රියාත්මක බලාගාරයේ පළමු අදියර තුළින් ලබා දෙන මෙගාවොට් ප්‍රමාණය මෙගාවොට් 300කි. එම ප්‍රමාණය 2011 පෙබරවාරි මස සිට ලබා ගැනේ. දෙවන අදියරද අවසාන කිරීමෙන් පසුව උපරිම මෙගාවොට් ප්‍රමාණය මෙගාවොට් 900කි. මෙම බලාගාරයේ දෙවන පියවර යටතේ ඉතිරි යන්ත්‍ර සවි කිරීම 2014 අප්‍රේල් මස දී අවසාන කිරීමට සැලසුම් කර ඇත.
(iii) 2014 අප්‍රේල් මස.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-10-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks