01

සි   |     |  

 Date: 2013-07-10   Answered 

2871/2013: NORACHCHOLAI COAL POWER PLANT : MECHANICAL DEFECTS

2871/’12

Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Power and Energy,—

(a) Will she inform this House in regard to the machinery fixed at the Norochcholai coal power plant—

(i) the country from which they were imported;

(ii) the companies which manufactured them;

(iii) the years of manufacture;

(iv) the warranty period attached to them; and

(v) whether warranty papers pertaining to such machinery will be submitted ?

(b) Will she state—

(i) the reason why the Norochcholai power plant went defunct recently;

(ii) the maximum amount of mega watt of electricity expected to be generated by this power plant; and

(iii) the date on which such maximum power will be added to the national grid ?

(c) If not, why ?

Asked Date

2013-07-10

Asked by

Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.

Ministry

Power & Energy

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      මහජන චීන ජනරජය.

              (ii)      බොයිලේරුව, ටර්බයිනය, ජෙනරේටරය ආදී ප්‍රධාන යන්ත්‍ර චීනයේ හර්බින් සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය  කර ඇත.

             (iii)      2009 වර්ෂය.

             (iv)      වසර දෙකක කාලයක් දෝෂ වෙනුවෙන් වග කීමද, අමතර වසර තුනක කාලයක් මල කෑමෙන් ආරක්ෂාව වෙනුවෙන් වග කීමද ලබා දී ඇත.

(v) ලංකා විදුලිබල මණ්ඩලය සහ චීනයේ ජාතික යන්ත්‍රෝපකරණ ආනයන අපනයන සමාගම අතර අත්සන් කර ඇති ගිවිසුමෙහි මෙම වගකීම පිළිබඳව කරුණු ඇතුළත් කර ඇත.

(ආ) (i) 1. ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍රයේ ඇති වන වාෂ්පීකරණ ද්‍රව්‍යයන් නිසා සිදු වන ක්ෂණික ගිනි ගැනීම.

2. සිසිලන පද්ධතියේ අපද්‍රව්‍ය පෙරනයේ දෝෂයක් නිසා සිදු වූ බිඳ වැටීම.

3. වායු පංකා (air draft fan), බෙයාරිංහි දෝෂයක් නිසා සිදු වූ බිඳ වැටීම.

4. බොයිලේරු බෙරයෙහි පාලක දෝෂයක් නිසා සිදු වූ බිඳ වැටීම.

5. ජල සිසිලන තාප හුවමාරු යන්ත්‍රයේ දෝෂයක් නිසා සිදු වූ බිඳ වැටීම.

6. වේයන්ගොඩ කොටුගොඩ සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් විදුලි මාර්ගය විසන්ධි වීම නිසා එක වර බැර අඩු වීම නිසා බලාගාරය හදිසි නැවැත්වීම හේතු කොට ඇති වූ බෙයාරිං දෝෂයක් නිසා සිදු වූ බිඳ වැටීම.

7. හුමාලය කාන්දු වීමක් නිසා සිදු වූ බිඳ වැටීම.

8. නොරොච්චෝලේ වේයන්ගොඩ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය හදිසියේ විසන්ධි වූ අවස්ථාවක යන්ත්‍ර නැවැත්වීම හා නැවත පණ ගැන්වීමට පෙර රැහැන් මාර්ගය පරීක්ෂා කිරීමෙන් අනතුරුව නැවත පණ ගැන්වීම.

9. පාලක විදුලි රිලේ උපකරණවල දෝෂ නිසා සිදු වූ බිඳ වැටීම.

(ii) දැනට ක්‍රියාත්මක බලාගාරයේ පළමු අදියර තුළින් ලබා දෙන මෙගාවොට් ප්‍රමාණය මෙගාවොට් 300කි. එම ප්‍රමාණය 2011 පෙබරවාරි මස සිට ලබා ගැ‍නේ. දෙවන අදියරද අවසාන කිරීමෙන් පසුව උපරිම මෙගාවොට් ප්‍රමාණය මෙගා‍වොට් 900කි. මෙම බලාගාරයේ දෙවන පියවර යටතේ ඉතිරි යන්ත්‍ර සවි කිරීම 2014 අප්‍රේල් මස දී අවසාන කිරීමට සැලසුම් කර ඇත.

(iii) 2014 අප්‍රේල් මස.

(ඇ) පැන නොනඟී.

 

Answered Date

2013-10-08

Answered by

Hon. (Mrs.) Pavithradevi Wanniarachchi, Attorney at Law, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks