පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2869/’12
ගරු රවී කරුණානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් කැතේ පැසිෆික් ගුවන් සේවයෙන් බදු පදනම මත ලබා ගත්,
(i) ගුවන් යානා සංඛ්‍යාව කොපමණද;
(ii) ගුවන් යානාවල ආයු කාලය කොපමණද;
(iii) ගුවන්යානා ලබාගත් බදු කාල සීමාව සහ ගෙවන ලද මිල කොපමණද;
යන්න එතුමා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත කී ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිවරයා සම්බන්ධවූයේද;
(ii) මිලියන ගණනාවක් වටිනා එකී ගනුදෙනුව පිළිබඳව පුවත්පත්වල හෝ වෙබ් අඩවිවල දැන්වීම් පළ කරනු ලැබුවේද;
(iii) තරඟකාරී ලංසු ලැබුනේද;
(iv) මෙම ගනුදෙනුව කැතේ පැසිෆික් ගුවන්සේවයට පමණක් සීමා වූයේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) අධික බදු කුලීවල ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ විශාල අලාභය හේතුවෙන් කැතේ පැසිෆික් ගුවන්සේවය සමග පැවති බදු ගිවිසුම අවලංගු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(ii) ඉහත සඳහන් කළ කල් බදු ගනුදෙනුවේ දේශීය නියෝජිතයා සහ කැතේ පැසිෆික් සමාගමෙහි දේශීය නියෝජිතයාගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත සඳහන් කළ කල්බදු නියෝජිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුගේ පුත්‍රයෙකු වේද;
යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-19
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු පියංකර ජයරත්න මහතා (සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා)
(மாண்புமிகு பியங்கர ஜயரத்ன - சிவில் விமானச் சேவைகள் அமைச்சர்)
(The Hon. Piyankara Jayaratne - Minister of Civil Aviation)
ගරු කථානායකතුමනි, අප කැතේ පැසිෆික් ආයතනයෙන් කිසිම ගුවන් යානයක් මිලදී ගෙන නැත. එම නිසා ඒ ප්‍රශ්නය අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2013-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පියංකර ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks