E   |   த   |  

 පිළිතුර ලබා දීමට ඇත 

2270/2026: Construction of government housing projects in Gampaha District

ගරු රුවන් මාපලගම මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)       (i)      ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇති රජයේ නිවාස ව්‍යාපෘති කවරේද;

             (ii)      එම එක් එක් නිවාස ව්‍යාපෘතියේ ආරම්භ කළ වර්ෂය, ජනතා අයිතියට පත් කළ වර්ෂය, භූමි ප්‍රමාණය සහ මේ වනවිට පවතින නිවාස ඒකක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) නිට්ටඹුව, රන් පොකුණුගම නිවාස සංකීර්ණය තුළ ක්‍රියාත්මක කර ඇති ‘රනිඳුගම’ සහ ‘ගුරු ගම්මානය’ නිවාස ව්‍යාපෘති සඳහා නිවාසලාභීන් තෝරාගැනීමේදී භාවිතා කළ නිර්ණායක කවරේද;

  (ii) එම නිවාස ව්‍යාපෘති දෙකෙහි පිහිටි නිවාස ඒකක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මෙම ව්‍යාපෘති යටතේ එක් නිවාස ඒකකයක් සඳහා රජය විසින් ලබාදී ඇති ආධාර/ණය මුදල කොපමණද;

(iv) එම නිවාසලාභීන්ට ඔවුන් පදිංචිව සිටින ඉඩම්වල අයිතිය පැවරීම සඳහා ගෙවිය යුතු මුදල තීරණය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-09-25

අසන ලද්දේ

ගරු රුවන් මාපලගම මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks