පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2859/’12
ගරු රවී කරුණානායක මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2011 අංක 43 දරන පනත යටතේ රජයට පවරන ලද සෙලස්ටියල් ටවර්ස් (සෙලින්කෝ ඉන්වෙස්ට්මන්ට් සමාගම් සමූහය) සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රතිව්‍යුහගත කිරීම කවරේද;
(ii) ඉහත සඳහන් කළ දේපළ පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා කිසියම් ආයෝජකයෙකුට භාරදී තිබේද;
(iii) එසේ නම්, එම ආයෝජකයාගේ සහ අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ නම් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) නව ආයෝජකයා වෙත භාරදී ඇති ඉහත සඳහන් දේපළ වෙනුවෙන් කර ඇති සමස්ත ආයෝජනය කවරේද;
(ii) ඉහත සඳහන් දේපළ සංවර්ධනය කිරීම වෙනුවෙන් අනෙකුත් ආයෝජකයින්ගෙන් ඉදිරිපත් වී තිබූ රුපියල් බිලියන 6.8ක් සහ රුපියල් බිලියන 8.5ක් වූ යෝජනා පිළිබඳව අදාළ බලධාරීන් දැන සිටියේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) අද වන විට ඉහත සඳහන් කළ දේපළෙහි නිසි බලධාරීන් කවුරුන්ද;
(ii) රජය විසින් ඉහත සඳහන් නිසි බලධාරීන්ට මාසිකව ගෙවනු ලබන වේතනය කොපමණද;
(iii) ඉහත සඳහන් කළ නිසි බලධාරීන්ට ගෙවනු ලබන සමස්ත වේතනය සහ දීමනාවල වටිනාකම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-19
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා (ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමා)
(மாண்புமிகு லக்ஷ்மன் யாப்பா அபேவர்தன - முதலீட்டு ஊக்குவிப்பு அமைச்சர்)
(The Hon. Lakshman Yapa Abeywardena - Minister of Investment Promotion)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත යටතේ, භාණ්ඩාගාරයේ ලේකම් වෙත 2011.11.11 දින පැවැරුණ සෙලින්කෝ සමාගම් සමූහයට අයත් සෙලිස්ටියල් ටවර්ස් දේපොළ, අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ඉදිරියේදී කොළඹදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් සියලු පහසුකම්වලින් සමන්විත හෝටල් සංකීර්ණයක් බවට කඩිනමින් පුනරුදය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය වාර්තා කරන පරිදි, එම දේපොළ නැවත පුනරුදය කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල කොටස් දායකත්වයෙන් යුතුව ස්ථාපනය කළ සීමාසහිත කැන්විල් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගමට අනූනව (99) අවුරුද්දකට බදු දීමට අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.
ඒ අනුව පිහිටුවන ලද සීමා සහිත කැන්විල් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම එකම හවුල්කරු සහ ආයෝජකයා වශයෙන් නම් කරමින්, ආයෝජන මණ්ඩල පනතේ අවශ්‍යතා මත සංස්ථාපනය කළ, සීමාසහිත සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා පුද්ගලික සමාගම විසින් කාමර 475ක සුපිරි තරු පහේ හෝටලයක් සහ සේවා බද්ද නිවාස 90ක් සහිත ව්‍යාපෘතියක් එම දේපොළ මත ක්‍රියාත්මක කිරීමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ඇත. මෙයට අමතරව මෙම ව්‍යාපෘතිය 2008 අංක 14 දරන පනත යටතේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස පිළිගෙන ඇත.
(ii) ඔව්. සීමා සහිත කැන්විල් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම විසින් බදු පදනම මත භාරගත් මෙම දේපොළ, එම සමාගමේ එකම ආයෝජකයා වශයෙන් නම් කරමින් සීමාසහිත සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා පුද්ගලික සමාගමට පුළුල් කිරීමට හා සංවර්ධනය කිරීමට භාර දී ඇත.
(iii) මෙම දේපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආයෝජන මණ්ඩල පනතේ අවශ්‍යතා මත සංස්ථාපනය කළ "සී/ස සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා පුද්ගලික සමාගමේ" අධ්‍යක්ෂ මණ්ඩලය පහත දැක්වේ.
01. ගාමිණී සේදර සෙනරත් මහතා
02. පියදාස කුඩාබලගේ මහතා
03. ආඩම්බරගේ මෝදන්න මොහාන් ද අල්විස් මහතා
04. එච්.කේ.ඩී.ඩබ්ලිව්.එම්. නීල් බණ්ඩාර හපුහින්න මහතා
(ආ) (i) ඉහත සඳහන් දේපළ රජයට පවරා ගන්නා අවස්ථාවේ වටිනාකම රුපියල් බිලියන 4.8ක් ලෙස රජයේ ප්‍රධාන තක්සේරුකරු සඳහන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් වාර්තා කර ඇති අතර, සී/ස සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා පුද්ගලික සමාගම විසින් මෙම ආයෝජන සමාගම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 158.8ක ආයෝජනයකින් යුත් ව්‍යාපෘතියක් මෙම දේපළ මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කළ අයදුම් පතේ සඳහන් කර ඇත.
(ii) සී/ස සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා පුද්ගලික සමාගම විසින් ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අයදුම් පතෙහි මෙවැනි විස්තරයක් සඳහන් කර නැත.
(ඇ) (i) මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩල පනත යටතේ ක්‍රියාත්මක කරනු ලබන්නේ සී/ස සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා යන පුද්ගලික සමාගම විසිනි. මෙම දේපළෙහි නිසි බලධාරින් වන්නේ ආයෝජන මණ්ඩලයේ අවශ්‍යතාවන්ට අනුව සංස්ථාපනය කළ සී/ස සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා පුද්ගලික සමාගමය. 2014 වසරේ අග භාගයේදී තරු පහේ සුපිරි හෝටලයක් ලෙස මෙම ව්‍යාපෘතිය සංචාරක කර්මාන්තය සඳහා විවෘත කිරීමට නියමිතය.
(ii) සී/ස සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා පුද්ගලික සමාගම විසින් සිය අයදුම් පතේ සමාගමේ සේවක හෝ අධ්‍යක්ෂ මණ්ඩල පඩි නඩි පිළිබඳ විස්තර ආයෝජන මණ්ඩලයට වාර්තා කර නැත.
(iii) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks