04

E   |   සි   |  

 திகதி: 2013-06-19   பதிலளிக்கப்பட்டவைகள் 

2859/2013: செலஸ்ரியல் டவர்ஸ்' மீள்நிர்மாணம்: விபரம்

2859/ ’12

கெளரவ ரவி கருணாநாயக்க,— முதலீட்டு ஊக்குவிப்பு அமைச்சரைக் கேட்பதற்கு,—

(ஆ)    (i)      2011 ஆம் ஆண்டின் 43 ஆம் இலக்க சட்டத்தின் கீழ் அரசாங்கத்துக்கு உரித்தாக்கப்பட்ட, செலஸ்ரியல் டவர்ஸ் (செலிங்கோ முதலீட்டு கம்பனிக் குழுமம்) தொடர்பாக மேற்கொள்ளப்பட்ட மீள்நிர்மாணம் யாதென்பதையும்;

(ii) சொல்லப்பட்ட ஆதனம் விஸ்தரிப்பு மற்றும் மேம்பாட்டுக்காக எவரேனும் முதலீட்டாளருக்கு கையளிக்கப்பட்டுள்ளதா என்பதையும்;

(iii) அவ்வாறெனில், முதலீட்டாளரின் பெயர்களையும், சம்பந்தப்பட்ட கம்பனியின் பணிப்பாளர்களையும்

அவர் கூறுவாரா?

(ஆ) (i) புதிய முதலீட்டாளருக்கு கையளிக்கப்பட்டுள்ள மேற்கூறிய ஆதனத்துக்கான மொத்த முதலீட்டையும்;

(ii) அதே ஆதனத்தை மேம்படுத்த, பிற முதலீட்டாளர்களினால் ரூபா 6.8 பில்லியன் மற்றும் ரூபா 8.5 பில்லியனிற்கான பிரேரணைகளைப் பற்றி அதிகாரிகள் அறிவார்களா என்பதையும்

அவர் கூறுவாரா?

(இ) (i) இன்றுள்ளவாறு இந்த ஆதனத்துக்குப் பொறுப்பான தகுதிவாய்ந்த அதிகாரிகளையும்;

(ii) அரசாங்கத்தினால் இத்தகுதிவாய்ந்த அதிகாரிகளுக்கு செலுத்தப்படும் மாதாந்த ஊதியத்தையும்;

(iii) மேற்கூறிய தகுதிவாய்ந்த அதிகாரிகளுக்குச் செலுத்தப்படும் மொத்த ஊதியத்தையும் படிகளையும்

அவர் அறிவிப்பாரா?

(ஈ) இன்றேல் ஏன்?

கேட்கப்பட்ட திகதி

2013-06-19

கேட்டவர்

கௌரவ ரவி கருணாநாயக்க, பா.உ.

அமைச்சு

முதலீட்டு ஊக்குவிப்பு

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

ගරු ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා (ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමා)

(மாண்புமிகு லக்ஷ்மன் யாப்பா அபேவர்தன - முதலீட்டு ஊக்குவிப்பு அமைச்சர்)

(The Hon. Lakshman Yapa Abeywardena - Minister of Investment Promotion)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)      2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත යටතේ, භාණ්ඩාගාරයේ ලේකම් වෙත 2011.11.11 දින පැවැරුණ සෙලින්කෝ සමාගම් සමූහයට අයත් සෙලිස්ටියල් ටවර්ස් දේපොළ, අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ඉදිරියේදී කොළඹදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් සියලු පහසුකම්වලින් සමන්විත හෝටල් සංකීර්ණයක් බවට කඩිනමින් පුනරුදය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය වාර්තා කරන පරිදි, ‍එම දේපොළ නැවත පුනරුදය කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල කොටස් දායකත්වයෙන් යුතුව ස්ථාපනය කළ සීමාසහිත කැන්විල් ‍හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගමට අනූනව (99) අවුරුද්දකට බදු දීමට අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.

ඒ අනුව පිහිටුවන ලද සීමා සහිත කැන්විල් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම එකම හවුල්කරු සහ ආයෝජකයා වශයෙන් නම් කරමින්, ආයෝජන මණ්ඩල පනතේ අවශ්‍යතා මත සංස්ථාපනය කළ, සීමාසහිත සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා පුද්ගලික සමාගම  විසින් කාමර 475ක සුපිරි තරු පහේ හෝටලයක් සහ සේවා බද්ද නිවාස 90ක් සහිත ව්‍යාපෘතියක් එම දේපොළ මත ක්‍රියාත්මක කිරීමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ඇත. මෙයට අමතරව මෙම ව්‍යාපෘතිය 2008 අංක 14 දරන පන‍ත යටතේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස පිළිගෙන ඇත.

(ii) ඔව්. සීමා සහිත කැන්විල් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම විසින් බදු පදනම මත භාරගත් මෙම දේපොළ, එම සමාගමේ එකම ආයෝජකයා වශයෙන් නම් කරමින් සීමාසහිත සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා පුද්ගලික සමාගමට පුළුල් කිරීමට හා සංවර්ධනය කිරීමට භාර දී ඇත.

(iii) මෙම දේපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආයෝජන මණ්ඩල පනතේ අවශ්‍යතා මත සංස්ථාපනය කළ "සී/ස සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා පුද්ගලික සමාගමේ" අධ්‍යක්ෂ මණ්ඩලය පහත දැක්වේ.

01. ගාමිණී සේදර සෙනරත් මහතා

02. පියදාස කුඩාබලගේ මහතා

03. ආඩම්බරගේ මෝදන්න මොහාන් ද අල්විස්     මහතා

04. එච්.කේ.ඩී.ඩබ්ලිව්.එම්. නීල් බණ්ඩාර හපුහින්න  මහතා

(ආ) (i) ඉහත සඳහන් දේපළ රජයට පවරා ගන්නා අවස්ථාවේ වටිනාකම රුපියල් බිලියන 4.8ක් ලෙස රජයේ ප්‍රධාන තක්සේරුකරු සඳහන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් වාර්තා කර ඇති අතර, සී/ස සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා පුද්ගලික සමාගම විසින් මෙම ‍ආයෝජන සමාගම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 158.8ක ආයෝජනයකින් යුත් ව්‍යාපෘතියක් මෙම දේපළ මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කළ අයදුම් පතේ සඳහන් කර ඇත.

(ii) සී/ස සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා පුද්ගලික සමාගම විසින් ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අයදුම් පතෙහි මෙවැනි විස්තරයක් සඳහන් කර නැත.

(ඇ) (i) මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩල පනත යටතේ ක්‍රියාත්මක කරනු ලබන්නේ සී/ස සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා යන පුද්ගලික සමාගම විසිනි. මෙම දේපළෙහි නිසි බලධාරින් වන්නේ ආයෝජන මණ්ඩලයේ අවශ්‍යතාවන්ට අනුව සංස්ථාපනය කළ සී/ස සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා පුද්ගලික සමාගමය. 2014 වසරේ අග භාගයේදී තරු පහේ සුපිරි හෝටලයක් ලෙස මෙම ව්‍යාපෘතිය සංචාරක කර්මාන්තය සඳහා විවෘත කිරීමට නියමිතය.

(ii) සී/ස සිනෝ ලංකා හොටෙල්ස් සහ ස්පා පුද්ගලික සමාගම විසින් සිය අයදුම් පතේ සමාගමේ සේවක හෝ අධ්‍යක්ෂ මණ්ඩල පඩි නඩි පිළිබඳ විස්තර ආයෝජන මණ්ඩලයට වාර්තා කර නැත.

(iii) අදාළ නොවේ. 

(ඈ) අදාළ නොවේ.

 

பதில் தேதி

2013-06-19

பதில் அளித்தார்

கௌரவ ரவி கருணாநாயக்க, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks