01

E   |   த   |  

 දිනය: 2026-09-24   පිළිතුර ලබා දී ඇත 

2237/2026: මඩකලපුව සිට පොතුවිල් දක්වා ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත ධීවරයන්: මත්ස්‍ය අස්වැන්න කොල්ලකෑම්

ගරු අබූබකර් අතම්බාවා මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      මඩකලපුවේ සිට පොතුවිල් දක්වාවූ මුහුදු තීරයට අයත් ගැඹුරු මුහුදේ ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගන්නා බව දන්නේද;

(ii) ඒ හේතුවෙන් ධීවරයන්ගේ ජීවනෝපාය දැඩි ලෙස පසුබෑමට ලක්ව ඇති අතර, එමඟින් ඔවුන්ගේ පවුල්වල ආර්ථික තත්ත්වයද අයහපත් ලෙස බලපෑමට ලක්ව ඇති බව දන්නේද;

(iii) මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත්, බොහෝ ධීවරයන් පාරම්පරික ධීවර කර්මාන්තයෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බව පිළිගන්නේද;

(iv) මුහුදු මංකොල්ලකෑම් සඳහා යොදාගනු ලබන අධිවේගී යාන්ත්‍රික යාත්‍රා හඳුනාගැනීම හා නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේද;

(v) මේ දක්වා හඳුනාගෙන ඇති මුහුදු කොල්ලකරුවන්ට සහ ඔවුන්ට සහාය ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව ගෙන ඇති නීතිමය පියවර කවරේද;

(vi) මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් අමාත්‍යාංශය විසින් මේ වනතෙක් ගෙන ඇති පියවර කවරේද;

(vii) එම ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගෙන ඇති ස්ථිර විසඳුම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-09-24

අසන ලද්දේ

ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර, ජලජ සහ සාගර සම්පත්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පිළිතුර දෙමළ භාෂාවෙන් ලබා දී ඇත.

පිළිතුරු දුන් දිනය

2026-09-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks