01

E   |     |  

 දිනය: 2013-07-10   පිළිතුර ලබා දී ඇත 

2858/2013: කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක්: විස්තර

2858/’12

 

ගරු රවී කරුණානායක මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ක්‍රීඩා සහ ක්‍රීඩා ආශ්‍රිත ක්‍රියාකාරකම් විකාශය කිරීම සඳහා වෙන්වූ මාධ්‍ය ආයතනයක් ශ්‍රී ලංකා රජය සතුව පවතීද;

            (ii)       එසේ නම්, එම ආයතනය කවරේද;

  (iii)  ක්‍රීඩා විකාශන අයිතිය ලබාගැනීම සඳහා සිරස, ස්වර්ණවාහිනී, දෙරණ, අයි.ටී.එන්, රූපවාහිනී වැනි වෙනත් රූපවාහිනී ආයතන ඉල්ලුම්කර තිබුණේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  (i)  කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් (CSN) ආයතනය සංස්ථාගත කරන ලද දිනය කවරේද;

  (ii)  2012.06.01 දින වනවිට එම ආයතනයේ සිටි ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ එම ආයතනයේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියාගේ නම් කවරේද;

  (iii)  CSN ආයතනය විසින් රජයේ කොන්ත්‍රාත්තු ලබාගෙන තිබේද;

  (iv)  එසේ නම්, එම කොන්ත්‍රාත්තු කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ)  (i)  CSN ආයතනය විසින් රජයේ ආයතනවලින් ලබාගෙන ඇති වෙළඳ දැන්වීම් කවරේද;

  (ii)  රජයට අයත් ආයතන විසින් CSN නාලිකාවේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා CSN ආයතනය ආරම්භයේ සිට මේ දක්වා මාසිකව දරන ලද වියදම කවරේද;

  (iii)  CSN නාලිකාවේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන විශාලතම රාජ්‍ය ආයතන දහය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-10

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නැත.

              (ii)      අදාළ නොවේ.

             (iii)        අදාළ නොවේ.

(ආ)         (i)      2011 පෙබරවාරි 10.

              (ii)      අදාළ නොවේ.

             (iii)      මෙය පෞද්ගලික ආයතනයක් බැවින් මෙම තොරතුරු අමාත්‍යාංශය සතුව නොමැත.

             (iv)        අදාළ නොවේ.

(ඇ)         (i)      අදාළ නොවේ.

              (ii)      අදාළ නොවේ.

             (iii)        අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks