පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල පිහිටුවා ඇති පනත සහ එහි ප්‍රධාන කාර්යභාරය කවරේද;
(ii) අරමුදල මඟින් නිවාස ආධාර ලබාදීම සඳහා සුදුසුකම් ලබන සන්නද්ධ සේවා සාමාජිකයින් කවුරුන්ද;
(iii) අරමුදලේ පරිපාලන සහ කළමනාකරණ කටයුතු සිදු කරනු ලබන නිලධාරින් කවුරුන්ද;
(iv) අරමුදලේ ප්‍රධාන ආදායම් මාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අරමුදලේ මූල්‍ය කටයුතු සහ පරිපාලන කටයුතු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක කළ යුතු බවත් අරමුදල රජයේ විගණනයකට ලක්කළ යුතු බවත් පිළිගන්නේද;
(ii) 2024 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සහ විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) අරමුදල යටතේ ක්‍රියාත්මක වන ‘පූර්ණ නිවාස’ සහ ‘අර්ධ නිවාස’ ව්‍යාපෘති යනු කවරේද;
(ii) නිවසක් මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට ලබාදෙන මූල්‍ය ආධාර ප්‍රමාණය තීරණය කරනු ලබන පදනම කවරේද;
(iii) මේ වනවිට ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;
(iv) ණය බරින් පීඩාවට පත් රණවිරුවන් සඳහා අරමුදල මඟින් මූල්‍යමය සහන ලබාදීමේ හැකියාවක් තිබේද;
(v) නොඑසේ නම්, ඒ මන්ද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-19
අසන ලද්දේ
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks