පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2172/2026
ගරු ජේ.සී. අලවතුවල මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකා තාක්ෂණ සේවය යටතේ ගැනෙන රැකියා කවරේද;
(ii) එම සේවයේ අනුමත සේවක සංඛ්‍යාව කොපමණද;
(iii) මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(iv) එම පුරප්පාඩු රාජ්‍ය ආයතනවල කටයුතුවලට බාධාවක්වී තිබෙන බව පිළිගන්නේද;
(v) එසේ නම්, පුරප්පාඩු පිරවීමට සහ වෘත්තීය ගැටලු විසඳීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-18
අසන ලද්දේ
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අංක 1930/12 දරන 2015.09.01 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ සේවා ව්‍යවස්ථාවේ 6 වගන්තිය අනුව එක් එක් අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ ශීර්ෂය යටතේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරු ලෙසින් අනුමත කරන ලද තනතුරු මෙම සේවයට අයත් වේ.
ශ්‍රී ලංකා තාක්ෂණ සේවය යටතේ ගැනෙන තනතුරු නාම ඇතුළත් උපලේඛනයක් අංක 1930/12 දරන 2015.09.01 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ සේවා ව්‍යවස්ථාවේ ඇතුළත් නොවේ. කෙසේ වෙතත්, අංක 1426/34 දරන 2006.01.06 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද පූර්ව සේවා ව්‍යවස්ථාවේ ඇතුළත්ව තිබූ තනතුරු උපලේඛනය ඇමුණුම වශයෙන් දැන ගැනීම සඳහා ඉදිරිපත් කරමි.
(ii) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරු එක් එක් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන යටතේද, පළාත් සභා සහ පළාත් පාලන අංශය සඳහාද වෙන් වෙන්ව අනුමත කරනු ලබන අතර මෙම අමාත්‍යාංශය වෙත එම තොරතුරු වාර්තා නොවේ.
(iii) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරු අනුමත කරන ලද එක් එක් අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව, ආයතනය යටතේ පවතින පුරප්පාඩු පිරවීම සිදු කරනු ලබන්නේද ඒ ඒ බඳවා ගැනීමේ පටිපාටිවලට අනුකූලව අදාළ ආයතන මඟින් වන බැවින් මෙම අමාත්‍යාංශය වෙත එම තොරතුරු වාර්තා නොවේ.
(iv) ඕනෑම සේවාවකට අදාළ පුරප්පාඩු පැවතීම එම පුරප්පාඩු පවතින ආයතනවල සේවා සැපයීමට බාධාවක් වන බව නිරීක්ෂණය වේ.
(v) පුරප්පාඩු සහ වෘත්තීය ගැටලු පවතින අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හෝ ආයතන විසින් පුරප්පාඩු සම්පූර්ණ කිරීමට සහ වෘත්තීය ගැටලු විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වේ. ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ සේවා ව්‍යවස්ථාවට අදාළ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ එම සේවයේ නිලධාරින් සඳහා කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සහ විශේෂ ශ්‍රේණියට උසස් කිරීමේ විභාග පැවැත්වීම පමණක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඉටු කරනු ලැබේ.
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අයත් තනතුරු සම්බන්ධයෙන් පත් කිරීම් බලධාරීත්වය සහ පරිපාලන බලධාරීත්වය එම තනතුරු අනුමතව පවතින දෙපාර්තමේන්තු ප්‍රධානීන් හෝ අදාළ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු වෙත පැවරී ඇත.
එබැවින් එක් එක් ආයතනවල පවතින ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අදාළ තනතුරු සඳහා බඳවා ගැනීම් ඒ ඒ ආයතනවල පවතින ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරුවලට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද බඳවා ගැනීමේ පටිපාටිවල විධිවිධාන ප්‍රකාරව පත් කිරීම් බලධාරීත්වය හා පරිපාලන බලධාරීත්වය දරන දෙපාර්තමේන්තු ප්‍රධානීන් හෝ අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් සිදු කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
ඇමුණුම සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2026-08-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks