පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2851/’12
ගරු අජිත් පී. පෙරේරා මහතා,— සමාජ සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2000 අංක 9 දරන වැඩිහිටි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ, “වැඩිහිටි හැඳුනුම්පත්” නිකුත් කරනු ලබන්නේද;
(ii) එම හැඳුනුම්පත පිටුපස සෞඛ්‍ය සේවා, බැංකු සේවා, පොලිස් සහ නීති උපදෙස්, තැපැල් හා විශ්‍රාම වැටුප් සහ කාර්යාල කටයුතු යන සේවාවන්වලදී හැඳුනුම්පත්ලාභියාට ප්‍රමුඛතාවයක් ලැබිය යුතු බව සඳහන් වන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ඉහත කී ප්‍රමුඛතාවය ලබා දීම සඳහා,
(i) රජය විසින් සකස් කොට ඇති නීති හා පනවා ඇති රෙගුලාසි කවරේද;
(ii) එම නීති සහ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද;
(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) අවම වශයෙන් රජයේ රෝහලක වෛද්‍යවරුන් මුණ ගැසීම, සායනයන්ට සහභාගී වීම සහ බෙහෙත් ලබාගැනීම යන කටයුතුවලදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රමුඛතාව ලබාදීම සඳහා නීතිමය බලය ලැබෙන චක්‍රලේඛයක් සහ / හෝ රෙගුලාසියක් හැකි ඉක්මනින් නිකුත් කිරීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-10-24
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ෆීලික්ස් පෙරේරා මහතා (සමාජ සේවා අමාත්‍යතුමා)
(மாண்புமிகு பீலிக்ஸ் பெரேரா - சமூக சேவைகள் அமைச்சர்)
(The Hon. Felix Perera - Minister of Social Services)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) පහත සඳහන් ආයතන විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ලිපි මඟින් වැඩිහිටි හැඳුනුම්පත් ලාභීන් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන ලෙස දන්වා ඇත.
* රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් 2008.07.28 දින නිකුත් කර ඇති චක්‍රලේඛ ලිපි අංක 05
* සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් 1995.09.27 නිකුත් කරන ලද පොදු චක්‍රලේඛ අංක 1877
* පෝස්ට්මාස්ටර් ජනරාල් විසින් 2001.06.14 දින නිකුත්
කරන ලද ලිපිය
(ii) ඉහත (ආ) i හි සඳහන් ලිපි හා චක්‍රලේඛ ඇමුණුම් වශයෙන් ඉදිරිපත් කරමි.
(iii) අදාළ නොවේ.
(ඇ) දැනටමත් මේ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් සියලුම ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරුන්, පළාත් සභා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය පළාත් සභා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ සියලුම ආයතන ප්‍රධානීන් අමතා, 1995.09.27 දාතමින් නිකුත් කරන ලද පොදු චක්‍රලේඛ අංක 1877 අනුව, වැඩිහිටියන් සතු හැඳුනුම්පත ඉදිරිපත් කර ස්වකීය අනන්‍යතාව ඔප්පු කිරීමෙන් පසුව ඔවුන් හට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-02-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ෆීලික්ස් පෙරේරා මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks