පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2849/’12
ගරු වසන්ත අලුවිහාරේ මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නුවරඑළිය විවිධසේවා සමූපකාර සමිතියට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් බදු දීමට 2011 දෙසැම්බර් 19 දින පුවත්පත් දැන්වීමක් මගින් ටෙන්ඩර් කැඳවූයේද;
(ii) එසේ නම්, ඉදිරිපත් කළ මිල ගණන් කවරේද;
(iii) පිළිගත් පටිපාටිය අනුව ටෙන්ඩර් කැඳවීමකදී සලකා බලන සහ ප්‍රමුඛතාවය ලබා දෙන කරුණු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ඉහත ගොඩනැගිල්ල,
(i) ලබා ගැනීමට රුපියල් 320,000/- ක් සහ රුපියල් 355,000/- ලෙස මිල ගණන් ඉදිරිපත්ව තිබූ බවත්;
(ii) ටෙන්ඩර් අයදුම්පතක් හෝ ඉදිරිපත් නොකළ පුද්ගලයකුට මේ වන විට ලබා දී ඇති බවත්;
(iii) බදු දීමේදී අක්‍රමිකතාවයක් සිදු වී ඇති බවත්;
(iv) අක්‍රමිකව ලබාදීම නිසා අයදුම්කරුවන්ට අසාධාරණයක් මෙන්ම අදාළ සමූපකාර සමිතියට අලාභයක් සිදුව ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) (i) ඉහළම ටෙන්ඩරයට ගොඩනැගිල්ල ලබා නොදීමට හේතු කවරේද;
(ii) දැනට ගොඩනැගිල්ල ලබා දී ඇති අයගෙන් සමූපකාර සමිතිය ලබා ගන්නා මුදල කොපමණද;
(iii) ඉහත අක්‍රමිකතාව සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකොට ටෙන්ඩර්කරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන්නේද;
(iv) එසේ නම්, ඒ සඳහා කොපමණ කාලයක් ගතවේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-08-22
අසන ලද්දේ
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා (සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා)
(மாண்புமிகு ஜோன்ஸ்டன் பர்னாந்து - கூட்டுறவு, உள்நாட்டு வர்த்தக அமைச்சர்)
(The Hon. Johnston Fernando - Minister of Co-operatives and Internal Trade)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි.
නුවරඑළිය විවිධ සේවා සමුපකාර සමිතිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් ලබා දී ඇති තොරතුරු සහ රේඛීය සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් පවත්වන ලද පරීක්ෂණයේදී ලබා ගත් තොරතුරු අනුව,
(අ) (i) ඔව්.
(ii) ඇමුණුම් 1 හි දක්වා තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මා එය කියවන්න ඕනෑ ද? [බාධා කිරීමක්] මම එය කියවන්නම්.
නුවරඑළිය විවිධ සේවා සමුපකාර සමිතියට අයත් දෙමහල් ගොඩනැඟිල්ල බදු දීමට ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් වූ මිල ගණන් රේඛීය සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් සිදු කරන ලද පරීක්ෂණයේ වාර්තාව අනුව, ටෙන්ඩර් පත්‍රිකාවල ඉදිරිපත් කර ඇති මිල ගණන් මසකට සහ අවුරුදු 05කට වශයෙන් ගණනය කිරීමේදී පහත පරිදි වේ.
[බාධා කිරීම්]
|
ටෙන්ඩර්කරුගේ නම |
මසකට කුලිය (රු.) |
වර්ෂ 05කට කුලිය (රු.) |
|
ජෙයිනූල් ආබ්දීන් මොහමඩ් නසාර් |
105,330/- |
6,319,800/- |
|
කේ.ඩී.අසංක නිරෝෂන දයානන්ද |
320,000/- |
19,200,000/- |
|
රිලයන්ස් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් |
250,000/- |
15,000,000/-
|
|
ෆෑන් එෂියා බෑන්කින් කෝපරේෂන් |
202,000/- |
12,120,000/-
|
|
සීතා ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් |
200,000/- |
12,000,000/- |
|
සීතා හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් |
225,000/- |
13,500,000/- |
|
මොහොමඩ් මියාන් බාවා මියාන් |
159,690/- |
9,581,400/- |
පහත ටෙන්ඩර් පත්‍රිකාවල සඳහන් කර ඇති වටිනාකම් මාසයකට ද වර්ෂ 5කට ද යන්න පැහැදිලිව සඳහන් කර නැත.
|
ටෙන්ඩර්කරුගේ නම |
වටිනාකම (රු.) |
|
රංග පැතුම් මයා |
303,000/- |
|
ඩී. චමිලා කස්තුරි ජාගොඩ මිය |
355,000/- |
(iii) ලියා පදිංචි සමුපකාර සමිති සහ රාජ්‍ය ආයතන සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ලැබේ.
(ආ) (i) ඔව්.
රු. 320,000.00 (රුපියල් තුන්සිය විසිදහස) සහ රු. 355,000.00 (රුපියල් තුන්සිය පනස් පන්දහස) මිල ගණන් සඳහා ටෙන්ඩර් පත් ඉදිරිපත් වී ඇති අතර, අයදුම්කරුවන් තමන්ගේ නමින් ටෙන්ඩර් පත්
ලබාගෙන නොමැති බැවින් එය ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය වී ඇති බවට සලකා ටෙන්ඩර් අනුකමිටුව විසින් එම ටෙන්ඩර් පත් ප්‍රතික්ෂේප කර ඇත.
(ii) ටෙන්ඩර් කැඳවීමේදී ටෙන්ඩර් පතක් ඉදිරිපත් නොකළ, එහෙත් දැනටමත් එම ගොඩනැඟිල්ලේ බදුකරු වෙත තවත් වසර 05කට සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය පරිදි ලබා දී ඇත.
(iii) මෙම ගොඩනැඟිල්ල බදු දීම සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය මත සිදු වී ඇත.
(iv) ටෙන්ඩර් පත් ඉදිරිපත් කළ අයදුම්කරුවන් අක්‍රමිකතාවක් සිදු වූ බවට ලිඛිතව පැමිණිලි කර නොමැති බව මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් විසින් දන්වා ඇත.
වැඩිම මිල ගණන් ඉදිරිපත් කර තිබූ ටෙන්‍ඩර් පිළිබඳව පැහැදිලි කිරීමකින් තොරව තීරණ ගැනීම නිසා සමිතියට ලැබිය යුතු ආදායමක් අහිමි වී ඇති බව වාර්තා වේ.
(ඇ) (i) මෙම ගොඩනැඟිල්ල පරිහරණය කරමින් සිටි බදුකරු වන රියෙන්සි විතානගේ මහතා රු. 2,000,000.00 (රුපියල් මිලියන දෙකක) වියදමක් දරා මෙම ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීම මත හා ඔහු විසින් මසකට රු. 159,690.00ක් (රුපියල් එකසිය පනස්නවදහස් හයසිය අනූවක්) ගෙවීමට කැමැත්ත ප්‍රකාශ කිරීම මත අදාළ ගොඩනැඟිල්ල ඔහුට අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය මත බදු දී ඇති බවට වාර්තා කර ඇත.
(ii) මසකට රු. 159,690.00කි. (රුපියල් එකසිය පනස්නවදහස් හයසිය අනූවකි.)
(iii) බදු ඔප්පුවක් අත්සන් කර ලබා දී ඇති බැවින් අක්‍රමිකතාව නිවැරැදි කිරීමට ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව වාර්තා වී ඇත.
(iv) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-04-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks