01

සි   |     |  

 Date: 2012-08-22   Answered 

2849/2012: BUILDING BELONGING TO NUWARA-ELIYA MULTIPURPOSE CO-OPERATIVE SOCIETY : LEASE-OUT

2849/’12

Hon. Wasantha Aluwihare,— To  ask the  Minister of Co-operatives and Internal Trade,—

(a) Will he state—

(i) whether tenders were called through a paper advertisement published on 19th December 2011 to lease out a two-storey building that belongs to the Nuwara  Eliya Multipurpose Co-operative Society;

(ii) if so, the values of the bids that have been submitted; and

(iii) the facts that are taken into consideration and given priority when tenders are called according to the accepted tender procedure ?

(b) Will he admit that—

(i) bids with the values of Rs. 320,000/- and Rs. 355,000/- had been submitted to obtain the lease of the aforesaid building;

(ii) the aforesaid building has been given to a person who has not even submitted a tender application;

(iii) an irregularity has taken place when the aforesaid building was leased out; and

(iv) as a result of the aforesaid building being given in an irregular manner the applicants have been caused an injustice and the relevant Co-operative Society has incurred a loss?

(c) Will he state—

(i) the reason for not giving the building for the highest bid;

(ii) the amount of money charged by the Co-operative Society from the person who have been given the building at present;

(iii) whether action will be taken to conduct a proper investigation into the aforesaid irregularity and cause justice to the tenderers; and

(iv) if so, the period of time that will be taken for that ?

(d) If not, why ?

 

Asked Date

2012-08-22

Asked by

Hon. Wasantha Aluwihare, M.P.

Ministry

Co-operatives and Internal Trade

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා (සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා)

(மாண்புமிகு ஜோன்ஸ்டன் பர்னாந்து - கூட்டுறவு, உள்நாட்டு வர்த்தக அமைச்சர்)

(The Hon. Johnston Fernando - Minister of Co-operatives and Internal Trade)

ගරු  කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි.

නුවරඑළිය විවිධ සේවා සමුපකාර සමිතිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් ලබා දී ඇති‍  තොරතුරු   සහ රේඛීය සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් පවත්වන ලද පරීක්ෂණයේදී ලබා ගත් තොරතුරු අනුව,

(අ) (i)    ඔව්.

     (ii)   ඇමුණුම් 1 හි දක්වා තිබෙනවා.  ගරු  මන්ත්‍රීතුමනි, මා එය කියවන්න ඕනෑ ද? [බාධා කිරීමක්] මම එය කියවන්නම්.

නුවරඑළිය විවිධ සේවා සමුපකාර සමිතියට අයත් දෙමහල් ගොඩනැඟිල්ල බදු දීමට ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් වූ මිල ගණන් රේඛීය සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් සිදු කරන ලද පරීක්ෂණයේ වාර්තාව අනුව, ටෙන්ඩර් පත්‍රිකාවල  ඉදිරිපත් කර ඇති මිල ගණන් මසකට සහ අවුරුදු 05කට වශයෙන් ගණනය කිරීමේදී පහත පරිදි වේ.

[බාධා කිරීම්]

ටෙන්ඩර්කරුගේ නම

මසකට  කුලිය (රු.)      

 වර්ෂ 05කට කුලිය (රු.)

 ජෙයිනූල් ආබ්දීන් මො‍හමඩ්  නසාර්

             105,330/-

    6,319,800/-

 ‍කේ.ඩී.අසංක  නිරෝෂන දයානන්ද

               320,000/-

   19,200,000/-

රිලයන්ස්  ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස්                

250,000/-

15,000,000/-

 

ෆෑන් එෂියා  බෑන්කින් කෝපරේෂන්             

202,000/-

 12,120,000/-

 

සීතා ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ්

               200,000/-

    12,000,000/-

සීතා හෝල්ඩින්  ප්‍රයිවට් ලිමිටඩ්                     

225,000/-  

13,500,000/- 

මොහොමඩ් මියාන් බාවා මියාන්                   

 159,690/-

 9,581,400/-

පහත ටෙන්ඩර් පත්‍රිකාවල සඳහන් කර ඇති වටිනාකම් මාසයකට ද වර්ෂ 5කට ද යන්න පැහැදිලිව සඳහන් කර නැත.

ටෙන්ඩර්කරු‍ගේ නම

වටිනාකම (රු.)

රංග පැතුම් මයා

303,000/-

ඩී.  චමිලා කස්තුරි ජාගොඩ මිය

355,000/-

     (iii)   ලියා පදිංචි සමුපකාර සමිති සහ රාජ්‍ය ආයතන සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ලැබේ.

(ආ)         (i)      ඔව්.

                                  රු. 320,000.00 (රුපියල් තුන්සිය විසිදහස) සහ රු. 355,000.00 (රුපියල් තුන්සිය පනස් පන්දහස) මිල ගණන් සඳහා ටෙන්ඩර් පත් ඉදිරිපත් වී ඇති අතර, අයදුම්කරුවන් තමන්ගේ නමින් ටෙන්ඩර් පත්

ලබාගෙන නොමැති බැවින් එය ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය වී ඇති බවට සලකා ටෙන්ඩර් අනුකමිටුව විසින් එම ටෙන්ඩර් පත් ප්‍රතික්ෂේප කර ඇත.

              (ii)      ටෙන්ඩර් කැඳවීමේදී ටෙන්ඩර් පතක් ඉදිරිපත් නොකළ, ‍එහෙත් දැනටමත් එම ගොඩනැඟිල්ලේ බදුකරු වෙත තවත් වසර 05කට සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩ‍ල තීරණය පරිදි ලබා දී ඇත.

             (iii)     මෙම ගොඩනැඟිල්ල බදු දීම සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය මත සිදු වී ඇත.

             (iv)     ටෙන්ඩර් පත් ඉදිරිපත් කළ අයදුම්කරුවන් අක්‍රමිකතාවක් සිදු වූ බවට ලිඛිතව පැමිණිලි කර නොමැති බව මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් විසින් දන්වා ඇත.

වැඩිම මිල ගණන් ඉදිරිපත් කර තිබූ ටෙන්‍ඩර් පිළිබඳව පැහැදිලි කිරීමකින් තොරව ‍තීරණ ගැනීම නිසා සමිතියට ලැබිය යුතු ආදා‍යමක් අහිමි වී ඇති බව වාර්තා වේ.

(ඇ)        (i) මෙම ‍ගොඩනැඟිල්ල පරිහරණය කරමින් සිටි බදුකරු වන රියෙන්සි විතානගේ මහතා රු. 2,000,000.00 (රුපියල් මිලියන දෙකක) වියදමක් දරා මෙම ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීම මත හා  ඔහු විසින් මසකට රු. 159,690.00ක් (රුපියල් එකසිය පනස්නවදහස් හයසිය අනූවක්) ගෙවීමට කැමැත්ත ප්‍රකාශ කිරීම මත අදාළ ගොඩනැඟිල්ල ඔහුට අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය මත බදු දී ඇති බවට වාර්තා කර ඇත.

             (ii) මසකට රු. 159,690.00කි. (රුපියල් එකසිය පනස්නවදහස් හයසිය අනූවකි.)

             (iii) බදු ඔප්පුවක් අත්සන් කර ලබා දී ඇති බැවින් අක්‍රමිකතාව නිවැරැදි කිරීමට ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව වාර්තා වී ඇත.

              (iv) අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ.

 

Answered Date

2013-04-09

Answered by

Hon. Johnston Fernando, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks