පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඔෂානි උමංගා මහත්මිය,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) බණ්ඩාරගම, මිල්ලනිය සහ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එම ඉඩම්වලින් මේ වනවිට ප්‍රදානය කර ඇති ප්‍රමාණය කොපමණද;
(iii) එම ඉඩම්ලාභීන්ගේ නාම ලේඛනයක් ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අනවසරයෙන් අත්පත් කරගෙන හෝ භාවිතා කරනු ලබන කොමිෂන් සභාව සතු ඉඩම් හඳුනාගෙන තිබේද;
(ii) එසේ නම්, එම ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) ඉහත එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ —
(i) බදු පදනම මත ලබාදී ඇති කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණය සහ ඒ වෙනුවෙන් වාර්ෂිකව අය කරනු ලබන බදු මුදල;
(ii) බදු ගිවිසුම් පවතින නමුත් බදු මුදල් අයකර නොගන්නා ඉඩම් ප්‍රමාණය;
(iii) බදු ලබාදීම සඳහා පවතින නිරවුල් ඉඩම් ප්‍රමාණය;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-05
අසන ලද්දේ
ගරු ඔෂානි උමංගා මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks