පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සුජීව දිසානායක මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගිවී ඇති ජාත්‍යන්තර ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරග සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩා තරග පැවැත්විය හැකි ක්‍රීඩාංගන සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්විය හැකි ක්‍රීඩාංගන පිහිටා තිබේද;
(ii) දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම ක්‍රීඩකයන්ගේ නම් සහ ඔවුන් නියෝජනය කළ පාසල් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඩී.බී. වෙලගෙදර ක්‍රීඩාංගනය ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්විය හැකි ක්‍රීඩාංගනයක් වන්නේද;
(ii) එම ක්‍රීඩාංගනයේ පවත්වා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංඛ්‍යාව කොපමණද;
(iii) ක්‍රීඩාංගනයේ අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පවත්වා ඇති දිනය කවරේද;
(iv) මෙම ක්‍රීඩාංගනයේ අයිතිය පැවති ආයතනය කවරේද;
(v) මේ වනවිට වෙනත් ආයතනයකට එම ක්‍රීඩාංගනය පවරා තිබේද;
(vi) එසේ නම්, එලෙස අයිතිය පවරා ඇති පදනම කවරේද;
යන්න එතුමා තවදුරටත් මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-19
අසන ලද්දේ
ගරු සුජීව දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks