E   |     |  

 දිනය: 2026-08-04   පිළිතුර ලබා දී ඇත 

2124/2026: කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර වසම්: විස්තර

 ගරු සුරංග රත්නායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර වසම් සංඛ්‍යාව;

            (ii)       මේ වනවිට එම වසම්වල සේවයේ නියුතු නිලධාරින් සංඛ්‍යාව;

(iii) අනුර‍ාධපුර දිස්ත්‍රික්කයේ ඇති කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර වසම් සංඛ්‍යාව;

(iv) එම දිස්ත්‍රික්කයේ මේ වනවිට සේවයේ නියුතු නිලධාරින් සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තනතුරේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන්නේද;

(ii) නොඑසේ නම්, එම තනතුර අහෝසි කිරීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-04

අසන ලද්දේ

ගරු සුරංග රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      10,400යි.

              (ii)      2026.06.30 දිනට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් 5,919ක් සේවයේ නියුතුව සිටී.

             (iii)      650යි‍.

             (iv)      2026.06.30 දිනට ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් 355ක් සේවයේ නියුතුව සිටී.

(ආ)         (i)      ඔව්.

2025.12.31 දිනට පැවැති පුරප්පාඩු මත කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් බඳවා ගැනීම සඳහා පහත සඳහන් ලිපි මඟින් කටයුතු කර ඇත.

1) "රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණ - කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර බඳවා ගැනීම" යන මැයෙන්      කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ලිපියක් යොමු කර ඇත. (ඇමුණුම 01)

2) කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තනතුරේ පුරප්පාඩු පිරවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර ප්‍රතිපත්ති හා ආහාර සුරක්ෂිතතා කමිටු නිර්දේශය ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් වෙත ඉල්ලීම් ලිපියක් යොමු කර ඇත. (ඇමුණුම 02)

(ii) දැනට කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තනතුර අහෝසි කිරීමට තීරණයක් ගෙන නැත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-08-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.ඩී. ලාල් කාන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks