පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අජිත් පී. පෙරේරා මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයාගේ නම කවරේද;
(ii) ඔහු එම තනතුර සඳහා පත් කරන ලද දිනය කවරේද;
(iii) එම තනතුර දැරීම සඳහා ඔහු සතු ශාස්ත්‍රීය සහ වෘත්තීයමය සුදුසුකම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයා —
(i) ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වන්නේද;
(ii) මෙරට පුරවැසිකම ලබා ඇත්තේ උපතින්ද, නොඑසේ නම්, ලියාපදිංචිය මඟින්ද;
(iii) ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙකුව සිටියේද;
(iv) ද්විත්ව පුරවැසියෙකුව සිටියේද;
(v) ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හරින ලද දිනය කවරේද;
(vi) ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීමෙන් පසුව නැවත ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන තිබේද;
(vii) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන පුද්ගලයෙකුට අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරීමට නොහැකි බව පිළිගන්නේද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-10
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks