E   |     |  

 දිනය: 2026-07-09   පිළිතුර ලබා දී ඇත 

2120/2026: Policy decision to increase the retirement age of Supreme Court Judges

 ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)        (i)       ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 සිට අවුරුදු 67 දක්වා සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වයස අවුරුදු 63 සිට අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේද;

(ii)  එසේ නම්, ඒ සඳහාවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබේද;

(iii)  අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එවැනි කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේද;

(iv)  උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සාධාරණීකරණය කිරීම සඳහා පදනම්වූ කරුණු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-07-09

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks