E   |     |  

 දිනය: 2026-07-09   පිළිතුර ලබා දී ඇත 

2117/2026: Jaya Isura programme

ගරු රවී කරුණානායක මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)        (i)       ‘ජය ඉසුර’ වැඩසටහන ආරම්භයේ සිට එය යටතේ අනුමත කර ඇති ණය ප්‍රමාණය සහ එම ණයවල මුළු වටිනාකම කොපමණද;

             (ii)       4% - 5% දක්වාවූ සහනදායී පොලී සහනාධාරය ගෙවා තිබේද;   

(iii) එසේ නම්, එම වැඩසහනේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව සහ එම වැඩසටහන මඟින් ලබාගත් ප්‍රතිලාභ කවරේද;

(iv) එම වැඩසටහනට සහභාගි වන වාණිජ බැංකු, එම වැඩසටහනට අනුකූලව කටයුතු කර, අමාත්‍යාංශයෙන් අදාළ පොලී වෙනස ලබාගෙන තිබේද;

(v) වෙනත් වාණිජ බැංකු හරහා ණය ගෙවූ ණය ගැනුම්කරුවන් එම සහනාධාරය සඳහා සුදුසුකම් ලබා තිබුණේද;

(vi) එසේ නම්, ඔවුන්ට එම සහනාධාරය ලබාදී තිබේද;

(vii) වැඩසටහනේ අරමුණු සහ අපේක්ෂිත ප්‍රතිලාභීන් විසින් ලබා ගත් ප්‍රතිලාභ අතර යම් විෂමතාවයක් පිළිබඳව දන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2019 අප්‍රේල් සහ නොවැම්බර් අතර කාලය තුළ සම්පත් බැංකුව හරහා අනුමැතීන් ලබාදී තිබේද;

(ii) එසේ නම්, එම අනුමැතීන් සංඛ්‍යාව සහ වටිනාකම කොපමණද;  

(iii) සීමාසහිත ග්ලෙන්රොක් (පෞද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පතේ වර්තමාන තත්ත්වය සහ අනුමත කර තිබේ නම්, අදාළ ප්‍රතිලාභ ලබා නොදීමට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-07-09

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks