පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා,— ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2024 වර්ෂයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව ආබාධ සහිත ජනගහනය එක් එක් ආබාධ වර්ගය අනුව සංඛ්‍යාත්මකව සහ ප්‍රතිශතාත්මකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම ජනගහනයෙන් ශ්‍රම බලකායට අයත් සංඛ්‍යාව කොපමණද;
(iii) එම සංඛ්‍යාව, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහ ආබාධ වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්ත ආබාධ සහිත පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2026 වර්ෂයේ අයවැය මඟින් ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍ය සේවයේ 3%ක කෝටාව ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iii) ආබාධ සහිත පුද්ගලයන් අතර රැකියා විරහිත සංඛ්‍යාව සහ ප්‍රතිශතය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම පුද්ගලයන් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවලට යොමු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-18
අසන ලද්දේ
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks