පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එම ආයතනවල පවතින පාඨමාලා කවරේද;
(iii) එම පාඨමාලා සඳහා පසුගිය වර්ෂය තුළ බඳවාගෙන ඇති ආබාධ සහිත අභ්‍යාසලාභීන් සංඛ්‍යාව ආබාධ වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මෙම පාඨමාලා හැදෑරීම සඳහා ආබාධ සහිත අභ්‍යාසලාභීන්ට භෞතික ප්‍රවේශය සහ සන්නිවේදන පහසුකම් සලසා තිබේද;
(v) අභ්‍යාසලාභීන් බඳවාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්, ආබාධිත තත්ත්වය හෝ අන්තර්කරණ බාධා හේතුවෙන් සපුරාලීමට නොහැකි අභ්‍යාසලාභීන්ට පාඨමාලාවලට ඇතුළත්වීම සඳහා විශේෂ අවස්ථා සලසා තිබේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වෘත්තීය පුහුණු ආයතනවල පුහුණුකරුවන් සඳහා ආබාධ සහිත ප්‍රජාව සමඟ කටයුතු කිරීමට අවශ්‍ය විශේෂ කුසලතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේද;
(ii) අභ්‍යාසලාභීන්ට සමීපතම වෘත්තීය පුහුණු ආයතනයේ අභිමත පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය අන්තර්කරණීය හා ආබාධිත හිතකාමී ආයතනික රාමුවක් ගොඩනැගීමට අවධානය යොමුවී තිබේද;
(iii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ වෙන්කර ඇති ප්‍රතිපාදන කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-04
අසන ලද්දේ
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.
(අ) (i) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු ආයතන සංඛ්‍යාව 1,573කි.
(ii) එම ආයතනවල පවතින පාඨමාලා විශාල ප්‍රමාණයක් තිබෙන බැවින් එහි මෘදු පිටපතක් DVD තැටියක් මඟින් ඉදිරිපත් කරනවා.
(iii) ඇමුණුම 01 ලෙස පහත දැක්වේ.
(iv) මූලික පහසුකම් (ප්‍රවේශය, මූලික උපකරණ) සපයා ඇත.
(v) ආබාධිත සිසුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පහසු කිරීම සඳහා NVQ මාර්ගගත පද්ධතිය තුළ අවශ්‍ය වෙනස්කම් සිදු කර ඇත. ඊට අමතරව ඔවුන් ඇගයීමට ලක් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය NVQ චක්‍රලේඛ 09/2023 - ඇමුණුම 02 - මඟින් අදාළ පුහුණු ආයතන හා ඇගයීම්කරුවන්ට උපදෙස් ලබා දී ඇත.
තවද, ආබාධිත දරුවන් ඉලක්ක කර ගත් පුහුණු පාඨමාලාවන් වෘත්තීය පුහුණු ආයතන විසින් පවත්වා ගෙන යනු ලබන අතර, සියලුම වෘත්තීය පුහුණු ආයතන ආබාධ සහිත දරුවන් ඉලක්ක කර ගත් විශේෂිත පාඨමාලා නොපවත්වයි. කෙසේ වුවද බඳවා ගැනීම් සිදු කිරීමේදී එවැනි දරුවන් අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්නම් ඔවුන් සඳහා ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරනු ලබයි.
(ආ) (i) ඇගයීම්කරුවන්ට හා පුහුණුකරුවන්ට අවශ්‍ය පුහුණුව ලබා දී ඇත. ආබාධ සහිත සිසුන් ඇගයීමේදී අදාළ NVQ චක්‍රලේඛ 01/2020 - ඇමුණුම 03 - අනුව සිදු කළ යුතුය.
(ii) ආබාධිත සිසුන් සඳහා වෙන් වූ පුහුණු මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට අවධානය යොමු කර ඇත. අන්තර්කාලීන වශයෙන් දැනට ක්‍රියාත්මක කරන පුහුණු ආයතනවලට එම සිසුන් බඳවා ගැනීම සිදු වේ.
(iii) සාකච්ඡා මට්ටමේ පවතී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් හේවගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks