පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) වතු පාසල්වල ගුරු හිඟයක් පවතින බව දන්නේද;
(ii) එම පාසල් සඳහා ගුරු සහායකයින් බඳවා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේද;
(iii) මේ වනවිට අත්හිටුවා ඇති එම බඳවාගැනීම් නැවත ආරම්භ කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(iv) වතු පාසල් සඳහා ගුරු සහායකයින් බඳවාගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විකල්ප ක්‍රියාමාර්ග තිබේ නම්, ඒවා කවරේද;
(v) ජාතික පාසල් සංඛ්‍යාව වැඩි කිරීමේ සංකල්පය අනුව, නාම පුවරුවට පමණක් සීමාවී ඇති වතු පාසල්, ජාතික අධ්‍යාපන පද්ධතියට අන්තර්ග්‍රහණය කරන්නේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-19
අසන ලද්දේ
ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්.
දිවයිනේ වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා ගුරු සහායකයන් බඳවා ගැනීමට අදාළව අංක 2389 හා 2024.06.14 දිනැති ගැසට් නිවේදනය නිකත් කරන ලද අතර, ඊට අනුව 2024.08.12 දින බඳවා ගැනීමේ තරග විභාගය පැවැත්වීමට නියමිතව තිබුණි.
(iii) ඉහත බඳවා ගැනීම සඳහා අභියාචනාධිකරණ නඩු අංක CA (Writ) 519/2024 යටතේ නඩු පැවරීම හේතුවෙන් ගරු අධිකරණය විසින් 2024.08.09 දින අදාළ තරග විභාගය පැවැත්වීමට අතුරු තහනම් නියෝගයක් පනවා ඇත. එබැවින් එම නඩුවේ නියෝග මත මෙම බඳවා ගැනීම සම්බන්ධයෙන්ද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.
(iv) දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් හා රජයේ සේවයේ නියුතු නොවන සෙසු උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අංක 2474/18 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය හා අංක 2476/18 හා 2026.02.18 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයෙන් සංශෝධනය කරන ලද අංක 2474/19 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මේ වන විට අයදුම්පත් කැඳවා විභාග පවත්වා ඇත. ඒ අනුව, එකී ගැසට් නිවේදනය ප්‍රකාරව ගුරු සේවයේ පුරප්පාඩු සඳහා මෙම වර්ෂය තුළ උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතව ඇති අතර, වතු පාසල් පුරප්පාඩු සම්පූර්ණ කිරීමද එමඟින් බලාපොරොත්තු වේ.
එමෙන්ම, 2022-2024 කණ්ඩායමේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් එම ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම මත ජාතික හා පළාත් පාසල්හි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I(ආ) ශ්‍රේණියේ පවතින ගුරු පුරප්පාඩු සඳහා 2027 වර්ෂයේ මුල් කාර්තුව තුළ ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතව ඇත. එහිදී ශ්‍රීපාද විද්‍යා පීඨය යටතේ අධ්‍යාපනය හදාරන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් සියලුදෙනා වතු පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා අනුයුක්ත කර බඳවා ගැනීමට නියමිතය.
ඒ අනුව, උක්ත බඳවා ගැනීම් මඟින් හා ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත ගුරු තුලනය මඟින් වතු පාසල්හි ගුරු සේවයේ පවතින පුරප්පාඩු 2027 වර්ෂයේදී සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරමි.
(v) නැත.
ජාතික පාසල් සංඛ්‍යාව 1,000ක් දක්වා ඉහළ නැංවීමේ වැඩසටහනට අදාළව, ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම සඳහා ගරු ආණ්ඩුකාරවරුන්ගේ එකඟතාව ලද, එහෙත් ජාතික පාසල් බවට පත් නොකරන ලද පාසල්, අදාළ පළාත් සභා මඟින් තවදුරටත් භෞතික සංවර්ධනය හා පරිපාලන කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks