පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු කංචන වැලිපිටිය මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) දුම්වැටි නිෂ්පාදනය කිරීම හා අළෙවි කිරීමට අදාළව විශාල බදු මුදලක් වාර්ෂිකව රජය විසින් අය කර ගන්නා බව දන්නේද;
(ii) එසේ නම්, පසුගිය වර්ෂ 03 තුළ දුම්වැටි සඳහා පනවා ඇති බදු මඟින් අය කරගත් මුදල, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) නීත්‍යානුකූල දුම්වැටි නිෂ්පාදනය කිරීම හා අළෙවි කිරීමට බදු අය කළද දුම්වැටි නීතිවිරෝධීව ආනයනය කර අළෙවි කරන බව දන්නේද;
(iv) එසේ නම්, දුම්වැටි නීතිවිරෝධීව ආනයනය කිරීම සහ අළෙවි කිරීම පාලනය කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(v) නීතිවිරෝධීව දුම්වැටි වෙළෙඳාමේ නිරත පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-04
අසන ලද්දේ
ගරු කංචන වැලිපිටිය මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාව තුළ දුම්වැටි සඳහා වන බදුකරණය ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ නිෂ්පාදන බද්ද හරහාය. නිෂ්පාදන බද්දට අමතරව දුම්වැටි සඳහා එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කෙරේ.
තවද, දුම්වැටි නිෂ්පාදනය හෝ දුම්කොළ පයිප්ප සඳහා යොදා ගැනෙන ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන සියලුම දුම්කොළ සඳහා දුම්කොළ බද්ද අදාළ වේ.
මීට අමතරව, දුම්කොළ නිපැයුම් නිෂ්පාදනය අළෙවියෙහි නිරත සමාගම් සඳහා සියයට 45ක සංස්ථාපිත ආදායම් බද්දක් පනවනු ලබන අතර, අනෙකුත් ව්‍යාපාර සඳහා අදාළ වන සංස්ථාපිත ආදායම් බද්ද සාමාන්‍යයෙන් සියයට 30ක් වේ.
(ii) දුම්කොළ නිෂ්පාදන මඟින් ලද බදු ආදායම (රුපියල් මිලියන)
|
වසර |
වක්‍ර බදු |
ඍජු බදු |
||||
|
|
නිෂ්පාදන බද්ද |
දුම්කොළ බද්ද |
එකතු කළ අගය මත බද්ද |
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද |
සමස්ත වක්‍ර බදු |
සංස්ථාපිත ආදායම් බද්ද* |
|
2023 |
117,467 |
1,014 |
16,680 |
756 |
135,917 |
13,971 |
|
2024 |
117,145 |
1,194 |
25,686 |
3,730 |
147,755 |
18,314 |
|
2025 |
101,173 |
1,545 |
30,669 |
3,705 |
137,092 |
19,969 |
*සංස්ථාපිත ආදායම් බදු ගණනය කිරීම් සඳහා අදාළ තක්සේරු වර්ෂ පදනම් කරගෙන තිබේ:
2022/2023, 2023/2024 සහ 2024/2025.
(iii) නීත්‍යනුකූල දුම්වැටි නිෂ්පාදනය සහ අළෙවිය මත බදු පනවා තිබියදීත්, දුම්වැටි නීති විරෝධී ලෙස ආනයනය කිරීම සහ අළෙවි කිරීමේ සිදුවීම් රජයට වාර්තා වී ඇත.
ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු අදාළ බලධාරින් විසින් දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීම, නිරීක්ෂණ කටයුතු සහ නියාමන ක්‍රියාමාර්ග හරහා දුම්කොළ නිෂ්පාදනවල නීති විරෝධී වෙළෙඳාම වැළැක්වීමට සහ ඊට එරෙහිව කටයුතු කිරීමට විවිධ පියවර ක්‍රියාත්මක කර ඇත. රජයේ ආදායම රැක ගැනීමේ සහ අදාළ නීති හා රෙගුලාසිවලට අනුකූල වීම තහවුරු කිරීමේ අරමුණින් දුම්වැටි නීති විරෝධී ලෙස ආනයනය කිරීම, බෙදා හැරීම සහ අළෙවි කිරීම පාලනය කිරීම සඳහා අඛණ්ඩව උත්සාහයන් දරනු ලැබේ.
(iv) නීති විරෝධී ලෙස දුම්වැටි ආනයනය කිරීම රේගු ආඥාපනත සහ දුම්කොළ බදු පනත යටතේ වරදක් වේ. රටේ ගුවන් තොටුපළවල සහ වරායන්හිදී එවැනි නීති විරෝධී ආනයනයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට සහ එවැනි වැරදිවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රේගුව අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.
ඊට අමතරව නීති විරෝධී ලෙස දුම්වැටි ආනයනය කිරීම, බෙදා හැරීම සහ විකිණීම වැළැක්වීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය පරීක්ෂණ, විමර්ශන, වැටලීම් සහ බුද්ධි තොරතුරු හුවමාරුව ඇතුළු නීතිය බලාත්මක කිරීමේ කටයුතු සහ නිරීක්ෂණ කටයුතු සිදු කරයි. නීති විරෝධී දුම්කොළ වෙළෙඳාමට එරෙහිව සටන් කිරීමට සහ අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූල වීම සහතික කිරීමට මෙම ආයතන සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරනවා.
(v) නීති විරෝධීව දුම්වැටි ආනයනය කිරීමේ නිරත පුද්ගලයින් හඳුනා ගැනීමටත්, අදාළ නීතිමය විධිවිධානවලට අනුකූලව ඔවුන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීමටත්, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය විසින් අවශ්‍ය පියවර ගනු ලබයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-08-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks