පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) උඩවලව ජාතික වනෝද්‍යානය සහ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය අතර පිහිටි අලි කොරිඩෝව ගැසට් කරන ලද දිනය කවරේද;
(ii) කොරිඩෝව දෙපස ආරක්ෂිත විදුලි වැට ස්ථාපනය කරන ලද දිනය කවරේද;
(iii) මෙම විදුලි වැට ඉදිකිරීමේ මූලික අරමුණ කවරේද;
(iv) අලි වැට ඉදිකිරීම සඳහා දරා ඇති මුළු පිරිවැය කොපමණද;
(v) 2018 වර්ෂයේදී අලිවැට තිබියදීත් උදෑසන කාලයේ ගම්වැදුණු අලියෙකු විසින් පාසල් දරුවෙකු මරණයට පත් කළ බව දන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අලි කොරිඩෝව දෙපස ස්ථාපනය කර ඇති විදුලි වැටෙහි බලහරුව ගම්මානය ආවරණය වන කොටසෙහි ප්‍රධාන විදුලි වැට මේ වනවිට අක්‍රියව පවතින බව දන්නේද;
(ii) එම විදුලි වැට ඉවත් කිරීම සඳහා තීරණයක් ගෙන තිබේද;
(iii) එසේ නම්, එම තීරණය ගත් දිනය සහ අරමුණ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-05
අසන ලද්දේ
ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks