E   |     |  

 දිනය: 2026-07-24   පිළිතුර ලබා දී ඇත 

2095/2026: විසුරුවා හරින ලද පළාත් සභාවල සභාපති ධුර: විස්තර

ගරු රුවන් මාපලගම මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකාවේ පළාත් සභා නවයේ සභාපති ධුර දරන මහජන නියෝජිතයන්ගේ වරප්‍රසාද එක් එක් පළාත් සභාව අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

            (ii)       පළාත් සභා සභාපති ධුරය පළාත් සභා විසුරුවා හැරීමෙන් පසුව අහෝසි නොවීමට හේතු කවරේද;

  (iii) එම තනතුර සඳහා වන වරප්‍රසාද සහ වැය වන රාජ්‍ය වියදම් සැලකිල්ලට ගෙන, පළාත් සභා විසුරුවා හරිනු ලැබූ විටම තනතුරද අහෝසි කිරීමේ හැකියාවක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-07-24

අසන ලද්දේ

ගරු රුවන් මාපලගම මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පිළිතුර දෙමළ භාෂාවෙන් ලබා දී ඇත.

පිළිතුරු දුන් දිනය

2026-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. රුවන් සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks