පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ හෝ වෙනත් අදාළ නීතියක් යටතේ හෝ අනුමත කරන ලද/ගැසට් කරන ලද සංවර්ධන සැලැස්මක් ජා-ඇල නගර සභාව, ජා-ඇල දඩුගම් පෙරුම ප්‍රාදේශීය සභාව, මිනුවන්ගොඩ නගර සභාව, කටුනායක-සීදුව නගර සභාව, මීගමුව මහ නගර සභාව, කටාන ප්‍රාදේශීය සභාව සහ ගම්පහ මහ නගර සභාව යන බල ප්‍රදේශ තුළ ක්‍රියාත්මක වන්නේද;
(ii) එසේ නම්, එම එක් එක් සැලැස්මෙහි නම, නෛතික පදනම සහ අනුමත කළ/ගැසට් කළ දිනය කවරේද;
(iii) එම සැලසුම්වල පිටපත් සභාගත කරන්නේද;
(iv) එම ප්‍රදේශ සඳහා කෙටුම්පත් කළ සංවර්ධන සැලැසුම් ඉදිරිපත් කර තිබේද;
(v) එසේ නම්, ඒවායෙහි වත්මන් තත්ත්වය සහ එම සැලසුම් ඉදිරිපත් කරන ලද අධිකාරිය කවරේද;
(vi) එම පිටපත් සභාගත කරන්නේද;
(vii) එම ප්‍රදේශ සඳහා යම් කලාප සැලසුම් හෝ නියෝග (අනුමත කරන ලද, ගැසට් කරන ලද හෝ කෙටුම්පත් ස්වරූපයෙන් ඇති) අදාළ වන්නේද;
(viii) එසේ නම්, එම නෛතික අධිකාරිය සහ අනුමත කිරීමේ තත්ත්වය කවරේද;
(ix) එම පිටපත් සභාගත කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-06-09
අසන ලද්දේ
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks