E   |     |  

 දිනය: 2026-07-24   පිළිතුර ලබා දී ඇත 

2083/2026: Electricity facility for the North

ගරු තුරෛරාසා රවිකරන් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)    (i)   ශ්‍රී ලංකාවේ විදුලි පහසුකම් සහිත නිවාස සංඛ්‍යාව දිස්ත්‍රික්ක අනුව;

             (ii)   විදුලි පහසුකම් නොමැති සහ විදුලි පහසුකම් අවශ්‍ය නිවාස සංඛ්‍යාව දිස්ත්‍රික්ක අනුව;

           (iii)       මුලතිවු, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල විදුලි පහසුකම් සහිත නිවාස සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව;

(iv) එම දිස්ත්‍රික්කවල විදුලි පහසුකම් නොමැති සහ විදුලි පහසුකම් අවශ්‍ය නිවාස සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව;

වෙන් වෙන් වශයෙන් කොපම‍ණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පසුගිය අවුරුදු 05 තුළ ඉහත අ(iii)හි සඳහන් දිස්ත්‍රික්කවල නව විදුලි පහසුකම් ලබාදුන් නිවාස සංඛ්‍යාව;

(ii) එම දිස්ත්‍රික්කවල කෙටි පණිවුඩ සේවාව (SMS) මඟින් විදුලි බිල්පත් ලබාගැනීමට ලියාපදිංචිවී ඇති සහ ලියාපදිංචිවී නොමැති විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) 2026 වර්ෂයේදී එම දිස්ත්‍රික්කවල විදුලි පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ ඒ සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන කොපමණද;

(ii) එම දිස්ත්‍රික්කවල ග්‍රාමීය සහ දුෂ්කර ප්‍රදේශවල විදුලි සම්බන්ධතා ව්‍යාප්ත කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-24

අසන ලද්දේ

ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks