පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු තුරෛරාසා රවිකරන් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) මුලතිව්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි 2026 වර්ෂයේ පළමු මාස 05 තුළ —
(i) වාර්තාවූ විදුලි බිඳවැටීම් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එක් එක් විදුලි බිඳවැටීම පැවති කාල සීමාව කොපමණද;
(iii) ඒ සඳහා බලපෑ හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) මුලතිව්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි —
(i) සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කර ඇති නිවාස සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම පද්ධති ස්ථාපනය කිරීම සඳහා දෙනු ලබන සහනාධාර, ණය සහ දිරිගැන්වීම් කවරේද;
(iii) 2026 වර්ෂයේදී පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සහ වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදනය කොපමණද;
(iv) විදුලි සැපයුමේ අඛණ්ඩතාව බිඳවැටීම හේතුවෙන් අධ්‍යාපන, කුඩා කර්මාන්ත සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්ට එල්ලවී ඇති බලපෑම් තක්සේරු කර තිබේද;
(v) විදුලි සම්බන්ධතා ලබා ගැනීම සඳහා අඩු ආදායම්ලාභී පවුල් වෙත දෙනු ලබන සහනාධාර හෝ වැඩසටහන් කවරේද;
(vi) එම වැඩසටහන් යටතේ පසුගිය වසර 05 තුළ ප්‍රතිලාභ ලබා ඇති පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-24
අසන ලද්දේ
ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks