පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ සරත් කුමාර මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ‘මරගල’ කඳුවැටිය පාරිසරික ආරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේද;
(ii) එසේ නම්, එහි භූමි ප්‍රමාණය කොපමණද;
(iii) එම පාරිසරික ආරක්ෂණ කලාපයට අදාළ මායිම් සලකුණු කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබේද;
(iv) එම කඳුවැටියේ රක්ෂිත සීමාව තුළ නීතිවිරෝධි ලෙස පදිංචිවීම් හෝ අනවසර වගාබිම් පවත්වාගෙන යෑම පිළිබඳව වාර්තාවී තිබේද;
(v) එසේ නම්, අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට සහ රක්ෂිතය ආරක්ෂා කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මරගල කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශය පාරිසරික ආරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද දිනය කවරේද;
(ii) එලෙස ප්‍රකාශයට පත්කිරීමට පෙර ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිරවුල් කර තිබේද;
(iii) එසේ නම්, නිරවුල් කරන ලද භූමි ප්‍රදේශය තුළ පෞද්ගලික ඉඩම් වශයෙන් නිරවුල් කර ඇති ඉඩම් තිබේද;
(iv) පාරිසරික ආරක්ෂණ කලාපය ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් නිරවුල් කරන ලද පෞද්ගලික ඉඩම් භාවිතයට බාධා ඇතිවී තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-19
අසන ලද්දේ
ගරු නීතිඥ සරත් කුමාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) හෙක්ටෙයාර 5,460ක් පමණ.
(iii) මරගල කඳු වැටිය පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේදී එහි මායිම් ලෙස පවතින භෞතික මායිම් සලකා ඇති බැවින් (මාර්ග පද්ධතිය) මායිම් සලකුණු කිරීමක් සිදු කර නොමැත.
(iv) වාර්තා වී ඇත.
(v) අනවසර වගාකරුවන්ගේ තොරතුරු සහ මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු ඇමුණුමෙහි දක්වා ඇත.
එහි කිසියම් විස්තර ප්‍රමාණයක් තිබෙනවා. අනවසර පදිංචිකරැවන් 8දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. භූමි ප්‍රමාණයන් සම්බන්ධයෙනුත් විස්තරයක් තිබෙනවා. ඇමුණුම පහත දැක්වේ.
(ආ) (i) මෙම ප්‍රදේශය 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව 560/26 දරන 2008.08.01 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
(ii) ජාතික පාරිසරික පනතේ 24 'ඇ' සහ 'ඈ' වගන්ති ප්‍රකාරව පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේදී ඉඩම් අයිතිය පිළිබඳ තහවුරු කර ගැනීමක් හෝ ඉඩම් අත්පත් කර ගැනීමක් සිදු නොකරන අතර, ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රදේශයේ භූමියේ කළමනාකරණ කටයුතු පමණක් සිදු කරන අතර, අදාළ ප්‍රදේශයේ පරිසර සංවේදීතාව සලකා නීතිමය රැකවරණයක් ලබා දේ.
(iii) පෞද්ගලික ඉඩම් අත්පත් කර ගැනීමක් සිදු නොකරන බැවින් ඉඩම් නිරවුල් කිරීමක් සිදු කිරීම අවශ්‍ය නොවේ.
(iv) මරගල පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය ගැසට් නිවේදනයේ ii වන උපලේඛනයේ සඳහන් අවසරලත් භාවිතයන් පමණක්, iii වන උපලේඛනයේ සඳහන් කොන්දේසිවලට යටත්ව මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබාගෙන සිදු කිරීමට හැකියාව පවතී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks