පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කෑගල්ල දිස්ත්‍රික්කයේ, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමුපකාර සමිති සංඛ්‍යාව කොපමණද;
(ii) එම දිස්ත්‍රික්කයේ ප්‍රථම සමුපකාර සමිතිය ලියාපදිංචි කරන ලද වර්ෂය කවරේද;
(iii) එම සමුපකාර සමිතිවලට අයත් සමුපකාර ග්‍රාමීය බැංකු සංඛ්‍යාව කොපමණද;
(iv) මේ වනවිට සක්‍රිය හා අක්‍රිය සමුපකාර ග්‍රාමීය බැංකු සහ සමුපකාර ප්‍රාදේශික වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) බුලත්කොහුපිටිය සහ යටියන්තොට සමුපකාර සමිති ලියාපදිංචි කරන ලද වර්ෂ වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම සමිතිවලට අයත් ප්‍රාදේශික, ග්‍රාමීය බැංකු සහ කෝප්සිටි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මේ වනවිට එම සමිතිවලට අයත් සක්‍රිය සහ අක්‍රිය ප්‍රාදේශික කවරේද;
(iv) එම ප්‍රාදේශික අක්‍රිය වීමට බලපාන ලද හේතු කවරේද;
(v) පසුගිය වර්ෂ 10 තුළ එම සමුපකාර සමිතිවල වාර්ෂික විගණන නිසි පරිදි සිදුකර තිබේද;
(vi) නොඑසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-18
අසන ලද්දේ
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks