E   |     |  

 දිනය: 2026-05-19   පිළිතුර ලබා දී ඇත 

2014/2026: Decision to closure of Kithulegoda Junior School

2014/2026

 ගරු අජිත් පී. පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරගොඩ, කිතුලගොඩ කණිෂ්ඨ විද්‍යාලය වසා දැමීමට පියවර ගෙන තිබේද;

(ii)  එම පාසල ස්ථාපිත කරන ලද වර්ෂය කවරේද;

(iii)  2015 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ, එම පාසලේ අධ්‍යාපනය හදාරන ලද ශිෂ්‍ය සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv)  පාසල වසා දැමීමේදී, එහි අධ්‍යාපනය ලබන සිසුන්ට සහ ඇතුළත් වීමට අපේක්ෂා කරන සිසුන්ට වෙනත් පාසල්වලට යාමට ඇති දුර සහ මාර්ග දුෂ්කරතා සලකා බැලීමක් කර තිබේද;

(v)  එම පාසලේ සිට ආසන්නම පාසල් වෙත ඇති දුර ප්‍රමාණ කවරේද;

(vi) අධික වැසි සහ ගංවතුර තත්ත්වයන් තුළ පරගොඩ සහ කිතුලගොඩ ප්‍රදේශවල ජනතාවට විකල්ප පාසල් වෙත ගමන් කිරීමේ දුෂ්කරතා පිළිබඳ සලකා බලා තිබේද;

(vii) පාසල සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිතියේ, මහා සභාව විසින් ගනු ලැබූ තීරණය කවරේද;

(viii) පාසල නැවත ආරම්භ කිරීමට පියවර ගනු ලබන්නේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-05-19

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks