E   |     |  

 දිනය: 2026-05-19   පිළිතුර ලබා දී ඇත 

2013/2026: Legal Authority and Functions of the Central Bank

2013/2026

 ගරු අජිත් පී. පෙරේරා මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

 (අ)       (i)      1949 මුදල් නීති පනතින් ස්ථාපිත, පසුව පනත් සහ සංශෝධන මඟින් විශේෂ කාර්යයන් පවරා ක්‍රියාත්මකවූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතනික පැවැත්ම, 2023 මහ බැංකු පනත යටතේද අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්;

(ii)  මහ බැංකු පනතේ XIX කොටස අනුව 2023.09.15 දිනට පෙර මුදල් නීති පනත යටතේ හෝ වෙනත් නීතියක් යටතේ මුදල් මණ්ඩලයට පැවරුණු අයිතිවාසිකම් සහ බැඳීම්/වගකීම්, මහ බැංකුව පිළිගත යුතු බවත්;

(iii)  මුදල් නීති පනත හෝ වෙනත් නීතියක් යටතේ මුදල් මණ්ඩලය ගත්, නිකුත් කළ ක්‍රියාමාර්ග, නියෝග හෝ තීරණ මහ බැංකුව විසින් ගත්/නිකුත් කළ ලෙස සැලකිය යුතු බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i)  මුදල් මණ්ඩලය විසින් 2023.09.15 දිනට පෙර විශ්‍රාමගන්වන ලද විශ්‍රාමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා කාලීන විශ්‍රාම වැටුප් සංශෝධන ප්‍රතිපත්තියට අදාළ වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ සහ ආයතනික ප්‍රතිපත්ති, පාලක මණ්ඩලය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේද;

(ii)  නොඑසේ නම්, විශ්‍රාමිකයන් ආවරණය කිරීමට ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද;

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-05-19

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks