E   |     |  

 දිනය: 2026-05-22   පිළිතුර ලබා දී ඇත 

1990/2026: සහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය: මිල පාලනය

1990/2026

ගරු තිළිණ සමරකෝන් මහතා,— වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       උත්සව සමයේදී ප්‍රමාණවත් සහල් තොග වෙළඳපොලට නිකුත් කිරීමට හැකියාවක් තිබේද;

            (ii)       සියලුම සහල් වර්ගවල පාලන මිල, සහල් වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) සීමාසහිත ලංකා සතොස මඟින් සහල් බෙදාහැරීමට සකසා ඇති වැඩපිළිවෙළ කවරේද;

(iv) ආනයනික සහල් වර්ග කවරේද;

(v) එම සහල්වල වර්තමාන මිල, සහල් වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට තුළ ප්‍රමාණවත් පරිදි ගබඩා කර තිබේද;

(ii) එම ආහාර ද්‍රව්‍ය පෞද්ගලික අංශය මඟින් පමණක් ආනයනය කරනු ලබන්නේද;

(iii) නොඑසේ නම්, ඒ සඳහා රාජ්‍ය අංශය මැදිහත් වන ආකාරය කවරේද;

(iv) සහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රමාණවත් ලෙස මැදිහත් වන්නේද;

(v) එම අධිකාරිය මිල පාලනය සඳහා මැදිහත් වන ආකාරය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-05-22

අසන ලද්දේ

ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      දේශීය සහල්

අනු අංකය

වර්ගය

උපරිම තොග මිල  (කිලෝග්‍රෑම් 1ක් සඳහා)

උපරිම සිල්ලර මිල (කිලෝග්‍රෑම් 1ක් සඳහා)

01

සුදු/රතු කැකුළු සහල් - දේශීය

රු. 215

රු. 220

02

සුදු/රතු නාඩු - වාෂ්පයෙන් තැම්බූ/තම්බන ලද - දේශීය (මොට්ටෙයිකරුප්පන් සහ අට්ටකාරී හැර)

රු. 225

රු. 230

03

සුදු/රතු සම්බා - කැකුළු සහ වාෂ්පයෙන් තැම්බූ/ තම්බන ලද - දේශීය (සූදුරු සම්බා හැර)

රු.235

රු.240

04

කීරි සම්බා - කැකුළු සහ වාෂ්පයෙන් තැම්බූ/ තම්බන ලද - දේශීය

රු. 255

රු.260

ආනයනික සහල්

 

අනු අංකය

වර්ගය

උපරිම සිල්ලර මිල  (කිලෝග්‍රෑම් 1ක් සඳහා)

01

කැකුළු සහල් - ආනයනික

රු. 210

02

නාඩු සහල් - ආනයනික

රු. 220

03

සම්බා සහල් - ආනයනික

රු. 230

04

පොන්නි සම්බා - GR 11 (කීරි සම්බා සහල්වලට සමාන) - ආනයනික

රු. 240

05

කීරි පොන්නි හෝ පාල් පොන්නි GR 11 - ආනයනික

රු. 255

 

(iii) වී අලෙවි මණ්ඩලය සතු වී තොග සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙතින් සහල් බවට පත් කර ලංකා සතොස ආයතනය හරහා වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ද සකස් කර ඇත. තවද, ලංකා සතොස ආයතනය සතිපතා සිදු කරනු ලබන ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුව මිල දී ගනු ලබන සහල් උපරිම සිල්ලර මිල ද සලකා වෙළෙඳ පොළේ සාධාරණ හා තරගකාරි මිල ගණන්වලට විකුණනු ලබයි.

(iv) පොන්නි සම්බා සහ කීරි/පාල් පොන්නි

(v) පොන්නි සම්බා හා කීරි/පාල් පොන්නි යන ආනයනික සහල්වල වර්තමාන වෙළෙඳ පොළ තොග මිල

අනු අංකය

වර්ගය

වෙළෙඳ පොළ තොග මිල (කිලෝග්‍රෑම් 1ක් සඳහා)

01

පොන්නි සම්බා - GR 11 (කීරි සම්බා සහල්වලට සමාන) - ආනයනික

රු. 220

02

කීරි පොන්නි හෝ පාල් පොන්නි GR 11 - ආනයනික

රු. 240  රු. 245

ආනයනික සහල්වල උපරිම සිල්ලර මිල අංක (අ) (ii)හි දක්වා ඇත.

(ආ) (i) ඔව්.

සහල්, අර්තාපල්, ලොකු ලූනු, පරිප්පු, සීනි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට තුළ පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි ගබඩා තුළ පවතී.

(ii) නැත.

තිරිඟු පිටි, පරිප්පු ආදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම ආනයනය මත පමණක් රඳා පවතින අතර අර්තාපල්, සීනි, ලූනු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනික මෙන්ම දේශීය නිෂ්පාදන ලෙස ද වෙළෙඳ පොළට පැමිණේ. රට තුළ හිඟයක් ඇති වන විශේෂ අවස්ථාවල පමණක් සහල් ආනයනය පෞද්ගලික මෙන්ම රජයේ ආයතන මඟින් ද සිදු කරනු ලබයි. ඒ අනුව, දේශීය වෙළෙඳ පොළ ඉල්ලුමට සරිලන පරිදි ආනයනික මෙන්ම දේශීය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගික අවශ්‍යතාව සපුරනු ලබයි.

(iii) සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු බොහොමයක් ද්‍රව්‍ය පෞද්ගලික අංශය විසින් ආනයනය කරනු ලබයි. මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් රට තුළ හිඟයක් හෝ අසාමාන්‍ය මිල ඉහළ යෑමක් පවතින අවස්ථාවලදී ඒ සඳහා රජය මැදිහත් වීම සිදු කරන අතර, රජයේ ආනයනික ආයතනය වන රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව (STC) හරහා ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.

(iv) ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු කරනු ලබයි.

(v) යම්කිසි භාණ්ඩයක මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා එම භාණ්ඩයට උපරිම සිල්ලර මිලක් නියම කිරීමේ හැකියාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පවතී. එසේ මිල නියම කිරීමෙන් අනතුරුව අදාළ භාණ්ඩ වැඩි මිලට විකිණීම සම්බන්ධව වැටලීම් සිදු කොට අධිකරණය හරහා දඩ නියම කිරීමේ හැකියාව පවතී. උපරිම සිල්ලර මිල නියම කිරීමෙන් සිදු කරනු ලබන මිල පාලනයට අමතරව දැනුවත් කිරීමේ වැඩසටහන්, වැටලීම් වැනි ක්‍රියාකාරකම් මඟින් වෙළෙඳ පොළ මිල පාලනය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මැදිහත්වීම් සිදු කරනු ලබයි.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks