පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1988/2026
ගරු චන්දන තෙන්නකෝන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ගල්ගමුව වාරිමාර්ග අභ්‍යාස ආයතනය ආරම්භ කළ වර්ෂය කවරේද;
(ii) එම ආයතනය පිහිටුවීමේ අරමුණු කවරේද;
(iii) එම ආයතනය සඳහා වෙන් කර ඇති භූමි ප්‍රමාණය කොපමණද;
(iv) මේ වනවිට එම භූමිය තුළ ඇති ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද;
(v) මේ වනවිට එම ආයතනයේ සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත ආයතනය තුළ පවත්වනු ලබන පාඨමාලා කවරේද;
(ii) එම ආයතනයට පළමුවරට සිසුන් ඇතුළත් කරගත් වර්ෂය කවරේද;
(iii) එම සිසුන් සංඛ්‍යාව කොපමණද;
(iv) මේ වනතෙක් එම පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසුන් සංඛ්‍යාව කොපමණද;
(v) එම පාඨමාලාවලට අවසන් වරට සිසුන් ඇතුළත් කරගත් වර්ෂය කවරේද;
(vi) එම පාඨමාලාවලට සමාන පාඨමාලා පවත්වනු ලබන රජයේ හෝ පෞද්ගලික ආයතන තිබේද;
(vii) එසේ නම්, ඒවා කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-19
අසන ලද්දේ
ගරු චන්දන තෙන්නකෝන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1959 ජනවාරි මස 01වැනි දා.
(ii) • වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුමය හා වාරිමාර්ග තාක්ෂණය පිළිබඳ නිපුණතාවකින් හෙබි ද්විතීයික ගණයේ කාර්ය මණ්ඩලයක් ලෙස කාර්මික සහකාරවරුන් (වර්තමානයේ ඉංජිනේරු සහකාරවරුන්) පුහුණු කිරීම.
• දෙපාර්තමේන්තුවේ විවිධ සේවා ගණයන්ට අදාළව නිලධාරින්ගේ පුහුණු අවශ්‍යතා මෙන්ම සේවා අවශ්‍යතා සපුරනු වස් සේවාරම්භක පුහුණු පාඨමාලාවන් හා කෙටි කාලීන සේවාස්ථ පුහුණු පාඨමාලා පැවැත්වීම.
• වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විවිධ සේවා ගණයන්ට අදාළ නිලධාරින්ගේ සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනීමේ පටිපාටිවල සඳහන් කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම.
(iii) අක්කර 16ක ඉඩමක් තමයි මේ සඳහා යොදාගෙන තිබෙන්නේ.
(iv) 36යි.
(v) 31යි.
(ආ) (i) • වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව - Diploma in Irrigation Engineering - (වසර 03)
• වාරිමාර්ග දෙපාර්තමේන්තුවට විවිධ සේවා ගණයන්ට අදාළ නිලධාරින්ගේ එනම් ඉංජිනේරුවරුන්, ඉංජිනේරු සහකාරවරුන්, තාක්ෂණ සහායක නිලධාරින්, වෙනත් තාක්ෂණ සේවාවල නිලධාරින් හා තාක්ෂණ නොවන සේවාවල නිලධාරින්ගේ සේවාරම්භක පුහුණු - Induction Trainings - මේ ආයතනයේදී පවත්වනවා.
• වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විවිධ සේවා ගණයන්ට අදාළ නිලධාරින්ගේ සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනීමේ පටිපාටිවල සඳහන් කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ - Efficiency Bar Examinations - පවත්වනු ලබනවා.
• වාරිමාර්ග ඉංජිනේරුවරුන් සඳහා වෘත්තීය සුදුසුකම් (වරලත් ඉංජිනේරු) ලබා ගැනීම සඳහා වන පුහුණු.
• දෙපාර්තමේන්තුව විසින් කාලීනව හඳුනා ගනු ලබන අවශ්‍යතා අනුව නේවාසික පුහුණු වැඩසටහන් හා කෙටිකාලීන පුහුණු පාඨමාලා.
• වාරිමාර්ග ඉංජිනේරුවරුන්, ඉංජිනේරු සහකාරවරුන් සඳහා ජල කළමනාකරණය පිළිබඳ පුහුණු.
• ගොවි නියෝජිතයින් සඳහා නේවාසික හා ක්ෂේත්‍ර පුහුණු කිරීම.
• වාරිමාර්ග ව්‍යාපාරවල, ව්‍යාපාර කළමනාකරුවන් පුහුණු කිරීම.
• රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨ විද්‍යාර්ථීන් සඳහා මැනුම් කඳවුරු පැවැත්වීම.
(ii) 1959 (ඉංජිනේරු සහකාර ඩිප්ලෝමා පාඨමාලාව සඳහා)
(iii) 35
(iv) 1260
(v) 2014
(vi) ඔව්.
(vii) කොත්මලේ ජාත්‍යන්තර වාරිමාර්ග හා ජල කළමනාකරණ පුහුණු ආයතනය.
(ඇ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks