පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1975/2026
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා,— කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ ආබාධිත දරුවන් අතරින් වයස අවුරුදු 3-5 අතර දරුවන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ අතරින් පෙර පාසල්වලට ඇතුළත්ව සිටින ප්‍රතිශතය කොපමණද;
(iii) එම දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය සඳහා සමාන සහ සාධාරණ අවස්ථා ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් දියත් කරන්නේද;
(iv) අඩු ආදායම්ලාභී පවුල් ඒකකවල ආබාධිත දරුවන් පෙර පාසල් අධ්‍යාපනයට යොමු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(v) රාජ්‍ය හා පෞද්ගලික පෙර පාසල්වල ඉගෙනුම ලබන ආබාධිත දරුවන් සඳහා විධිමත් පහසුකම් සහ සේවා සපයන්නේද;
(vi) එසේ නම්, එම සේවා සහ පහසුකම් කවරේද;
(vii) ආබාධිත දරුවන් පෙර පාසල්වලට ඇතුළත් කිරීම සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ හා චක්‍රලේඛ කවරේද;
(viii) පෙර පාසල් ගුරුවරුන්ට විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් සමඟ කටයුතු කිරීම සඳහා ලබාදෙන පුහුණු වැඩසටහන් කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-19
අසන ලද්දේ
ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා සහ ළමා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ සම්බන්ධව සංඛ්‍යාලේඛන මේ වන විට අමාත්‍යාංශය සතුව නොමැති අතර, මෙම තොරතුරු ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරමින් පවතී.
(ii) මේ සම්බන්ධව දත්ත මේ වන විට අමාත්‍යාංශය සතු නොවන අතර ඉදිරියේදී සිදු කිරීමට නියමිත පෙර පාසල් සංගණනයේදී පෙර පාසල්වල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලු දරුවන් පිළිබඳව ද තොරතුරු රැස් කිරීමට නියමිත ය.
(iii) පෙර පාසල් ප්‍රමිති හඳුන්වා දීම මඟින් අන්තර්කරණ වටපිටාවක් පෙර පාසල තුළ නිර්මාණය වීමට ඉඩ සලසා ඇත.
(iv) පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාරය ලබා දීමේ වැඩසටහන හරහා පොදුවේ අඩු ආදායම්ලාභී පවුල් ඒකකවල දරුවන් පෙර පාසල් අධ්‍යාපනයට යොමු වීමේ ප්‍රවණතාව වැඩි වී ඇත.
(v) මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා වන ජාතික ප්‍රමිති මාලාව මඟින් පෙර පාසල්වල ඉගෙනුම ලබන ආබාධ සහිත දරුවන් සඳහා පහසුකම් සැලසීම සිදු කළ යුතු බවට මඟ පෙන්වීම් සිදු කර ඇත.
(vi) මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා වන ප්‍රමිති යටතේ පහත දර්ශක හඳුන්වා දී ඇත.
ක්ෂේත්‍ර 1: භෞතික පරිසරය
ක්ෂේත්‍රය 4: ඉගෙනුම් පරිසරය
(vii) පෙර පාසල් සඳහා දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධව මෙම අමාත්‍යාංශය චක්‍රලේඛ නිකුත් කර නොමැති අතර, පළාත් පෙර පාසල් ඒකක/අධිකාරි විසින් එක් එක් පළාතට අදාළව එම කාර්යය සිදු කරනු ලබයි.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාත් දන්නවා ඇති, දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පෙර පාසල් සම්බන්ධ වැඩිපුර බලතල පළාත් සභාවලට වෙන් වෙලා තිබෙන බව. ඒ අනුව ගොඩනඟපු පෙර පාසල් ඒකක සහ අධිකාරි තිබෙනවා.
ප්‍රඥප්තියට අදාළව ඒ තොරතුරු සම්බන්ධයෙන් පළාත් සභාව විධියට මැදිහත් වෙනවා.
(viii) · පෙර පාසල් ගුරු පුහුණු විෂය මාලාවේ අධ්‍යයන පැය 50ක් ආබාධ සහිත දරුවන් සමඟ කටයුතු කිරීම වෙනුවෙන් හඳුන්වා දීම.
· අවදානමට ලක්විය හැකි දරුවන් හැසිරවීම සඳහා පෙර පාසල් ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය කිරීමට පුහුණු වැඩ සටහනක් පැවැත්වීමට මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ 2026 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මෙහි ඇතුළත් කිරීම.
· ඔටිසම් ආබාධ සහිත දරුවන් හැසිරවීම සම්බන්ධයෙන් පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා අත් පොතක් නිර්මාණය කිරීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks