E   |     |  

 දිනය: 2026-05-19   පිළිතුර ලබා දී ඇත 

1974/2026: Total extent of Land under the Mahaweli Authority

1974/2026

ගරු රවී කරුණානායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ)        (i)      ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජනාවාස යෝජනා ක්‍රම ආරම්භයේ සිට අන් සතු කර ඇති ඉඩම් ප්‍රමාණය සහ පැහැදිලි හිමිකම් පත්‍ර නොමැති ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව කොපමණද;

(ii) 2015 වර්ෂයේ සිට වාණිජ/කාර්මික භාවිතයට මාරු කර ඇති, බදුදී ඇති හෝ නැවත වෙන් කළ ඉඩම්, ඒ සඳහා භාවිතා කළ නිර්ණායක සහ අනුමැතිය ලබා දුන් අධිකාරිය කවරේද;

(iii) මහවැලි ඉඩම්වල අවිධිමත් අත්පත් කරගැනීම් හෝ ද්විතීයික ගනුදෙනු සිදුවී තිබේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගත් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග කවරේද;

(v) ඉඩම් ඩිජිටල්කරණය, භූගෝලීය තොරතුරු පද්ධති සිතියම්ගත කිරීම සහ ස්ථිර හිමිකම් ලේඛන නිකුත් කිරීමේ වත්මන් තත්ත්වය කවරේද;

(vi) දිගුකාලීන පදිංචිකරුවන් සම්බන්ධ විධිමත් කිරීම සහ ඉඩම් වෙන් කිරීමේදී විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණ කිරීම රජය විසින් සලකා බලන්නේද;

(vii) කාර්යක්ෂම ආර්ථික ක්‍රියාකාරකම් සඳහා භාවිතා නොකළ ඉඩම්වල ප්‍රමාණය සහ ඒවා පිහිටි ස්ථාන කවරේද;

(viii) පසුගිය වසර 10 තුළ මහවැලි ව්‍යාපෘතියේ ආර්ථික ප්‍රතිලාභය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-05-19

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks