පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1973/2026
ගරු රවී කරුණානායක මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015–2022 සහ 2022 සිට මේ දක්වා කාල සීමාවන් සඳහා, එක් එක් වර්ෂය අනුව මුළු සංචාරක පැමිණීම් සහ දළ ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම කාල පරිච්ඡේද 02 තුළ එක් එක් වර්ෂය තුළදී සිදුවූ පැමිණීම්, රටවල් අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2015–2022 කාලය තුළ ප්‍රධාන ප්‍රභව වෙළෙඳපොළ 05 කවරේද;
(iv) 2022 සිට මේ දක්වා කාලය තුළ ඉහත වෙළෙඳපොළ වෙනස්වී තිබේද;
(v) 2022න් පසු හඳුනාගත් නව හෝ නැගී එන වෙළෙඳපොළ සහ ඒවායේ වර්ධන ප්‍රතිශත කවරේද;
(vi) ඉහත කාල සීමා සඳහා සංචාරකයෙකු විසින් සිදුකළ වියදමෙහි සහ රැඳී සිටි කාලයේ සාමාන්‍යය කොපමණද;
(vii) ඉහත කාල සීමා සඳහා විදේශයන්හි සිදු කර ඇති සමස්ත ප්‍රවර්ධන වියදම සහ එමඟින් ලබාගත් මැනිය හැකි ප්‍රතිඵල කොපමණද;
(viii) කෙටි, මධ්‍ය සහ දීර්ඝ කාලීන වශයෙන් සංචාරක සංවර්ධන සැලැස්මට ඇතුළත් කිරීමට අපේක්ෂිත සංවර්ධන සැලසුම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(ix) පසුගිය වසර 05 තුළ සංචාරක අංශයෙන් රජයට උපයාගත් ඇස්තමේන්තුගත බදු ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-19
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks