E   |     |  

 දිනය: 2026-05-19   පිළිතුර ලබා දී ඇත 

1972/2026: Assessment of national housing deficit

1972/2026

ගරු රවී කරුණානායක මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      2026 වර්ෂය වනවිට අඩු ආදායම්ලාභී, මධ්‍යම ආදායම්ලාභී, ග්‍රාමීය, වතු සහ ඌන පහසුකම් සහිත නාගරික යන ජන කාණ්ඩ අනුව නිල වශයෙන් තක්සේරු කර ඇති නිවාස හිඟය වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii) 2026-2029 කාලය සඳහා නිවාස ලබාදීමේ අපේක්ෂිත ඉලක්කය සහ නිවාස වර්ගය අනුව එක් නිවාස ඒකකයක ඇස්තමේන්තුගත සාමාන්‍ය ඉදිකිරීම් පිරිවැය කවරේද;

(iii) ජාතික මධ්‍ය ගෘහස්ථ ආදායමට අඩු ප්‍රතිලාභීන්ගේ අනුපාතය කවරේද;

  (iv)  පවතින උකස් පොලී අනුපාත, උද්ධමනය සහ ඉදිකිරීම් පිරිවැය ඉහළ යාම අනුව නිවාස ඒකකයක දැරිය හැකි මිල තක්සේරු කර තිබේද;

(v) ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ වාස්තවික සුදුසුකම් නිර්ණායක සහ ඩිජිටල් සත්‍යාපන පද්ධති කවරේද;

  (vi) 2024-2025 කාලය තුළ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ තීරණ අතරින් අක්‍රමිකතා හේතුවෙන් අභියාචනා කරන ලද හෝ සමාලෝචනය කළ හෝ අවලංගු කළ තීරණ සංඛ්‍යාව කොපමණද;

 (vii) දේශපාලනීකරණය සහ ද්වීගුණවීම වැළැක්වීමට විනිවිදභාවයකින් යුතු ප්‍රසිද්ධ කරන ලද ප්‍රතිලාභී ලේඛනයක් තිබේද;

  (viii) මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේද;

(ix) එසේ නම්, එම ස්ථානය සහ අවසන් කිරීමට නියමිත දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-05-19

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks