01

E   |     |  

 දිනය: 2013-02-07   පිළිතුර ලබා දී ඇත 

2831/2013: වැන්දඹු කාන්තාවන්ට ආර්ථික ස්ථාවරභාවයක් ලබා දීමට සහාය වීම : ප්‍රතිපත්ති

2831/’12

 

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ වැන්දඹු කාන්තාවන්ට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් ලඟාකරදීමට සහය වනු පිණිස, රජය විසින් කිසියම් ප්‍රතිපත්තීන් සමූහයක් ක්‍රියාත්මක කරමින් සිටින්නේද;

(ii) එසේ නම්, එලෙස ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්තීන් කවරේද;

(iii) එම කාන්තාවන්ට නැවත සමාජගතවීමට සහය වනු පිණිස අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරනු ලබන්නේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන සැලසුම කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-02-07

අසන ලද්දේ

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු තිස්ස කරල්ලියද්ද මහතා (ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමා)

(மாண்புமிகு திஸ்ஸ கரல்லியத்த - சிறுவர் அபிவிருத்தி, மகளிர் அலுவல்கள்  அமைச்சர்)

(The Hon. Tissa Karalliyadde - Minister of Child Development and Women’s Affairs)

ගරු කථානායකතුමනි,  එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      ඔව්.

              (ii)      *   යුද්ධය හා වෙනත් හේතූන් නිසා වැන්දඹුභාවයට          පත් වූ කාන්තාවන් හා ඔවුන්ගේ පවුල්වල       ආර්ථික, සමාජයීය, මනෝ සමාජයීය වශයෙන් සවි බල ගැන්වීම.

* මෙම කාන්තාවන්ගේ ජීවන තත්ත්වය ගුණාත්මක වශයෙන් ඉහළ නංවා ඔවුන් සමාජයේ පිළිගත් කණ්ඩායමක් ලෙස සමාජගත කිරීම.

* වැන්දඹු කාන්තාවන් මුහුණපාන සමාජ, ආර්ථික ගැටලු හා අභියෝග හමුවේ ඇයගේ පැවැත්ම හා සංවර්ධනය, සුරක්ෂිතභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම.

              (iii)     ඔව්.

* වැන්දඹු කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමෙහිලා ස්වයං රැකියා පුහුණුව සහ ආධාර ලබා දීම.

* වැන්දඹු කාන්තාවන් සඳහා ගෙවතු වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.

* චක්‍රීය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

* වනිතා ශක්ති බැංකු වැඩසටහන.

* වැන්දඹු කාන්තාවන් සඳහා උපදේශන සේවාව ලබා දීම.

* ප්‍රජනන සෞඛ්‍ය හා HIV/AIDS පිළිබඳ දැනුවත් කිරීම.

* වැන්දඹු කාන්තාවන් සඳහා ව්‍යවසායකත්ව පුහුණුව ලබා දීම.

* වැන්දඹු කාන්තාවන් සඳහා නායකත්ව පුහුණුව ලබා දීම.

* වැන්දඹු කාන්තාවන් සඳහා වෘත්තිය පුහුණුව ලබා දීම.

               (iv)    උක්ත වැඩසටහන් සියල්ල ඉහත සඳහන් කළ ඉලක්ක කණ්ඩායම් තෝරා ගනිමින් 2013 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා ඒකාබද්ධව දිවිනැගුම ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම, ධීවර, සුළු කර්මාන්ත, කුඩා ව්‍යාපාර, පශු සම්පත් ක්ෂේත්‍රවලට කාන්තා කාර්ය සංවිධාන හරහා සහය ලබා දීමට ද දිවිනැගුම වැඩසටහන යටතේ ලැබෙන ව්‍යාපෘතිවලින් කොටසක් වැන්දඹු කාන්තාවන් සඳහා ද වෙන් කිරීමට සැලසුම් කර ඇත. එම සියලු වැඩසටහන් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම යොදවා ඇති වනිතා සංවර්ධන නිලධාරින් හා සහන සොයුරි නිලධාරින් මගින් ක්‍රියාත්මක කිරීමට හා පසුවිපරම් කිරීමට ද කටයුතු සංවිධානය කර ඇත.

(ආ)     පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2013-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම. මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks