පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2830/’12
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රෝහල් සඳහා ශල්‍ය අත්වැසුම් සැපයුම්කරුවන් තෝරාගැනීම සඳහා යොදාගන්නා ක්‍රියාවලිය කවරේද;
(ii) ශල්‍ය අත්වැසුම් මිලදී ගැනීම සම්බන්ධයෙන් තීරණ ගන්නා පුද්ගලයන්ගේ නම් හා තනතුරු කවරේද;
(iii) සැපයුම් දිනය, සැපයුම් කාල සීමාව සහ එකඟ වී ඇති කාල පරිච්ඡේදය තුළ සැපයුම් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් සැපයුම් කොන්ත්‍රාත්තුවෙහි දක්වා ඇති සම්මත වගන්ති කවරේද;
(iv) 2008, 2009, 2010 හා 2011 යන වර්ෂවලදී ශල්‍ය අත්වැසුම් මිලදී ගැනීම සඳහා වෙන්කර තිබූ මුදල සහ වියදම්කළ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මූලික පරීක්ෂණයකදී ශල්‍ය අත්වැසුම් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ වංචාවක් හෙළිදරව් වී ඇති බවත්;
(ii) වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම වංචාව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) (i) එකී වංචාවේ ස්වභාවය කවරේද;
(ii) එකී වංචාව හේතුවෙන් සිදුවී ඇති මූල්‍යමය පාඩුව කොපමණද;
(iii) ඉහත (ආ) (ii) හි සඳහන් පරිදි එය සිදු කළේ නම්, එම පරීක්ෂණයේ ප්‍රතිඵල කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-23
අසන ලද්දේ
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා (සෞඛ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு மைத்திரிபால சிறிசேன - சுகாதார அமைச்சர்)
(The Hon. Maithripala Sirisena - Minister of Health)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) රජය පිළිගත් ටෙන්ඩර් පටිපාටිය මඟින් රෝහල් සඳහා ශල්‍ය අත් වැසුම් සැපයුම්කරුවන් තෝරා ගනු ලැබේ. එය පහත පරිදි සිදු කරයි.
ඖෂධ හා තත්ත්ව පාලන අධිකාරිය මඟින් ශල්‍ය අත්වැසුම් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම.
ලෝක ව්‍යාප්ත ටෙන්ඩර් පටිපාටිය හෝ රජයේ අනුමත ටෙන්ඩර් පටිපාටිය මඟින් විවෘත හෝ සීමිත ටෙන්ඩර් කැඳවීම.
විධිමත් තාක්ෂණික ඇගයීම් කමිටු මඟින් තාක්ෂණික ඇගයීම් සිදු කිරීම.
ටෙන්ඩරයේ වටිනාකම අනුව අනුමත ටෙන්ඩර් මණ්ඩලය මගින් ටෙන්ඩර් ප්‍රදානය කිරීම.
(ii) ශල්‍ය අත් වැසුම් මිලදී ගැනීම පිළිබඳ තීරණ ගනු ලබන්නේ තාක්ෂණික ඇගයීම් කමිටු හා ටෙන්ඩර් මණ්ඩල මඟිනි.
(iii) (1) සියලුම අයිතමයන් ගමනාන්තය දක්වා නැව්ගත කළ යුතු අතර භාර දෙන දිනයන්ට අනුව එය ස්ථිර වශයෙන්ම සිදු විය යුතු අතර එහිදී DHS සඳහන්ව ඇති Indent සලකුණ අනුව එය සිදු විය යුතුය.
(2) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සඳහන් කර ඇති කාල සීමාව තුළ අදාළ අයිතමයන් භාර දීමට සැපයුම්කරු අසමත් වුවහොත් (ගිවිසුම්ගත කොන්දේසි බිඳ දැමීමෙහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙහි අනෙකුත් අයිතිවාසිකම් සම්බන්ධයෙන් අනාවැකි පළ කිරීමකින් තොරව) ගිවිසුමේ වගන්ති 9.1හි සඳහන් ආකාරයට කුමන හෝ සියලුම හෝ කොටසක් ඉතිරිව ඇති දේ අදාළව ඉදිරියට සිදු කර ගෙන යන්නා වූ කුමන හෝ කටයුත්තක් අරභයා සැපයුම්කරුගේ ඒ සඳහා වූ අයිතිය නවතා දැමීමට සැපයුම්කරුට සිදු කෙරෙන්නා වූ මාගේ ලිඛිත දැනුම්දීමකින් සිදු කළ හැකි වනු ඇත.
(3) ණයවර ලිපියෙහි වලංගු කාල පරිච්ඡේදය තුළ සියලුම භාණ්ඩවලට අනුව භාර දීම් සිදු කළ යුතුය. සුවිශේෂී තත්ත්වයන් යටතේ විනා කාලය දිගු කිරීමක් කිසිසේත් ප්‍රසාහ්‍ය නොකරනු ඇත. එවන් වූ කාලය දිගු කිරීමක් නිසාවෙන් සිදු වන කිසියම් හෝ වියදමක් දැරීමට සිදු වුවහොත් එය සැපයුම්කරු විසින් දරනු ලබනවා ඇත.
(iv) වර්ෂය වෙන් කළ මුදල වියදම් කළ මුදල
(රුපියල් මිලියන) (රුපියල් මිලියන)
2008 721.561 679.628
2009 135.09 143.99
2010 146.34 154.383
2011 555.314 562.059
(ආ) (i) මූලික පරීක්ෂණයකදී ශල්‍ය අත් වැසුම් මිලදී ගැනීමක් සම්බන්ධව යම් වංචාවක් සිදු වී ඇති බවට හෙළිදරව් වී ඇත.
(ii) වැඩිදුර පරීක්ෂණ සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය වෙත යොමු කර නැත.
(ඇ) (i) 8" ප්‍රමාණයේ ශල්‍ය අත් වැසුම් ගබඩාවල අවශ්‍ය තරම් තොග තිබියදී සහ වාර්ෂික අවශ්‍යතාව ඉක්මවා ඇණවුම් කර මිලදී ගැනීම.
(ii) එම 8" ප්‍රමාණයේ ශල්‍ය අත් වැසුම් 103,500ක ප්‍රමාණයක් කල් ඉකුත් වීම හේතුවෙන් එහි වටිනාකම වන රුපියල් 1,794,690.00ක් අලාභ හානි සිදු වී ඇත. ඊට අමතරව ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් සහ වැල්ලවත්ත ගබඩාවේ නුසුදුසු ගබඩා තත්ත්වයන් යටතේ ගබඩා කිරීම හේතුවෙන් තවත් 8" ප්‍රමාණයේ ශල්‍ය අත්වැසුම් 20,600ක් විනාශ වී ඇති අතර එම තොගයේ වටිනාකම රුපියල් 357,204.00කි. ඒ අනුව මුළු වටිනාකම රුපියල් 2,151,894.00කි.
(iii) අදාළ නොවේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-04-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks